සුනඛයකුගේ දිවි බේරීමට ගොස් ජීවිතය හැර ගිය හමුදා නිලධාරියා - (CCTV VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation Accident
By Sewvandhi Dec 11, 2022 09:50 AM GMT
Report

ඇල්ල ප්‍රධාන මාර්ගයේදී මාර්ගය හරහා මාරු වීමට උත්සාහ කළ සුනඛයෙකුගේ ගැටීමෙන් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

එනම්, වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් අඹ වත්ත ප්‍රදේශයේ දී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මාර්ගයේ ගමන්ගත් සුනඛයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ .

අනතුර සිදුවන අවස්ථාවේ දී යතුරුපැදියේ පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් අයෙක් අනතුරින් මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ දඹගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතලිස් එකක් වන යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකි.

අනතුරින් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරන අතර, අනතුර සිදුවන ආකාරය අසල වෙළෙඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණි.

(වීඩියෝ - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now