සෑම සිකුරාදාවම පාපැදියෙන් රැකියාවට..

Sri Lanka Government Of Sri Lanka
By krishani Oct 29, 2022 02:58 AM GMT
Report

ලෝක නගර දිනයට සමගාමීව සෑම සිකුරාදා දිනකම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

ඒ අනුව අනිද්දා සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම අධිකාරියේ සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලලිත් විජේරත්න මහතා ප්‍රකාශ කළේ ය.

මාර්ග තදබදය අවම කිරීමට හා ප්‍රධාන මාර්ග වලට අමතරව අතුරු මාර්ග ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම මෙහි අරමුණ වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join