බ්ලැක් හෙඩ්ස් ඉවත් කරන හොඳම ස්වභාවික සත්කාර 7 මෙන්න.
කුරුලෑ වලට පස්සේ මුහුණ අවලස්සන කරන ඊළඟ කරදකාරයා තමයි කළු ලප හෙවත් බ්ලැක් හෙඩ්ස් කියන්නේ. මේ අතර බ්ලැක් හෙඩ්ස් විතරක් නෙවෙයි, වයිට් හෙඩ්ස් එහෙමත් තියෙනවා. මේවා නිසා මුහුණේ අපැහැදිලි බව, අවපැහැය වැනි තත්වයන් ඇති වෙනවා.
බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් කරන්න වෙළඳපොලේ විවිධ ආලේපන වර්ග තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ඒවායේ අඩංගු වන රසායනික ද්‍රව්‍ය නිසා ඔබේ මුහුණට හානි වෙන්නත් පුළුවන්. ඒ නිසා රසායනික ද්‍රව්‍ය වලින් මුහුණ තවත් අවලස්සන කරගන්නේ නැතිව ගෙදරදීම හදාගන්න පුළුවන් මේ ස්වභාවික සත්කාර වලින් බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් කරගන්න.
මෙම සත්කාර භාවිතා කරන්න කලින් මුහුණට හොඳින් හුමාලය අල්ලා ගත යුතුයි.
01 මී පැණි හා කුරුඳු සත්කාරය
?? කුරුඳු කුඩු සමඟ මී පැණි මිශ්‍ර කර මුහුණ මත එනම් බ්ලැක්හෙඩ්ස් ඇති ස්ථානවල ගල්වන්න.
?? විනාඩි 5ක් පමණ තබා පුළුන් කැබැල්ලකින් එය ඉවත් කරන්න.
?? මෙම ප්‍රතිකාරය සති දෙකක් පමණ සිදු කිරීම මගින් මුහුණ මත ඇති බ්ලැක් හෙඩ් පහසුවෙන් ඉවත් කර ගන්න පුළුවන්.
02.ළූණු සත්කාරය
?? ළූණු කුඩා කැබලි වලට කපා එහි යුෂ ගෙන පුළුන් කැබැල්ලක් ආධාරයෙන් කලු ලප ඇති ස්ථානවල ගල්වන්න.
?? විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න.
?? මෙම ප්‍රතිකර්මය සතියට එක් වතාව බැගින් මාසයක් පමණ සිදු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකියි.
03. ලෙමන් යුෂ සත්කාරය.
?? ලෙමන් යුෂ ස්වල්පයක් ගෙන පුළුන් කැබැල්ලකට දමා කලු ලප ඇති ස්ථාන පිරිමදින්න.
?? පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.
?? මෙම සත්කාරය දිනපතා සති දෙකක් පමණ එක දිගට සිදුකිරීම මගින් පහසුවෙන් බ්ලැක් හෙඩ් ඉවත් කරගන්න පුළුවන්.
04. කහ සත්කාරය
?? කහ කුඩු මේස හැඳි එකකට කිරි මේස හැඳි දෙකක් පමණ එකතු කර මිශ්‍රකර දෙහි යුෂ ස්වල්පයක් එකතු කරන්න.
?? පසුව පුළුන් කැබැල්ලක් ආධාරයෙන් කලු ලප ඇති ස්ථානවල ආලේප කර විනාඩි දහයක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
?? මෙම සත්කාරය සතියකට දෙවතාව බැගින් මාසයක් පමණ කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.
05. බේකින් සෝඩා සත්කාරය
?? ජලය සමඟ බේකින් සෝඩා මිශ්‍ර කර පේස්ට් එකක් ලෙස සකස් කර කලු ලප ඇති ස්ථානවල ආලේප කරන්න.
?? විනාඩි 5ක් පමණ සම්බාහනය කර සෝදා හරින්න. මෙමගින් මැරුණු සම ඉවත් කර සම පිරිසිදු කර ගත හැකියි.
06. බිත්තර මාස්ක් සත්කාරය
?? බිත්තර සුදු මදය ගෙන කලු ලප ඇති ස්ථානවල ආලේප කර වේලෙන්නට තබන්න.
?? ඊට උඩින් තවත් ස්ථරයක් ආලේප කරන්න.
?? මේ ආකාරයෙන් ස්ථර කිහිපයක් ආලේප කර වේලෙන්නට තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
?? මෙමඟින් ලප ඉවත් කර මුහුණේ තෙතමනය රැක දීම, මැරුණු සම ඉවත් කිරීම ,සම පිරිසිදු කිරීම, පැහැපත් කිරීම සිදු වෙනවා.
07. කෝපි මාස්ක් සත්කාරය
?? ජෙලටීන් ස්වල්පයක් සහ කෝපී ස්වල්පයක් ජලය ස්වල්පයක් දමා හොදින් මිශ්‍ර කර රත් කර ගන්න.
?? හොඳින් රත් කර නිවුනු පසු මෙය මුහුණ මත ආලේප කර වියලුනු පසු ගලවා ඉවත් කරන්න.
?? මෙමගින් මුහුණ පැහැපත් කර ගත හැකියි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |