සිවිලිමෙන් හොරකමේ ආ අමුතු හොරා - සිසිටිවී දර්ශන සහිතයි..(CCTV VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 07, 2022 03:42 PM GMT
Report

බේරුවල නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසැල් දෙකක ආභරණ සොරකම් කළ පුද්ගලයෙකු පැය 24ක් යාමට පෙර බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 5 වනදා බේරුවල නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැල් දෙකකට රාත්‍රී කාලයේ අදාළ පුද්ගලයා ඇතුළු වී තිබුණි.

බේරුවල පොලීසියට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී බේරුවල මාළිගාහේන ප්‍රදේශයේදී සැකකරු ව අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්ඩංගුවට පත්වූයේ එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක් වූ පස්දරු පියෙකි. සැකකරු රාත්‍රී කාලයේ දී ස්වර්ණාභරණ වෙළෙඳසැලේ වහලයේ සෙවිලි තහඩු ගලවා වෙළෙඳ සැලට ඇතුළු වන අයුරු එහි සවිකර තිබුණ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ නිවසේ අල්මාරියේ හා ජලය බැසයෑමට යොදා ගන්නා බටයක් තුළ ඉතා සූක්ෂම ලෙස අදාළ ස්වර්ණාභරණ සඟවා තිබිය දී සොයාගෙන ඇති අතර, සැකකරුව අද (07) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය‍.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now