කලිසම් අඳින එක නතර කළොත් සිරුරට ලැබෙන ප්රතිලාභ.
ගැහුණු පිරිමි භේදයක් නැතුව දැන් හැමෝගෙම ජාතික ඇඳුම වෙලා තියෙන්නේ trouser එක.විශේෂයෙන්ම ගැහැණු ළමයින්ම මේකට හොඳටම addict වෙලා ඉන්නේ. එයාලගේ හිත යන්නෙම ඇඟට හිර ඩෙනිම් සහ ලෙගින් වගේ trousers වලට යුග ගණනාවක ඉඳලා fashion එකක් වූ trousers අපිට නොදැනිම අපේ සිරුරට අහිතකර ලෙස බලපාන බව ගොඩක් අය දන්නේ නැහැ. හැබැයි ඉතින් මේ නම් කියන්න යන්නේ ඇඟට හිර trousers ඇඳීම නැවත්තුවොත් ඔබේ සිරුරට ලැබෙන ප්රතිලාභ ගැනයි.
👖 කකුලේ සමේ තද බව අඩු වීම
🟢 කකුල් දෙක හරස් කරනකොට හෝ තද කලිසම් අඳිනකොට, සමේ තද ගතිය අඩු වෙලා සෙලියුලයිට් තත්වය ඇති වෙනවා.
🟢එමගින් රුධිර සංසරණයට බාධා වීම නිසා ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ ශරීරයේ අවශ්‍ය ස්ථානයට පැමිණීම වළක්වනවා.
🟢 එහි ප්‍රතිඵලය විදිහට සම විඩාපත් වන අතර සමේ පරිවෘත්තීය ක්‍රියාවලියේ වේගය අඩු වෙනවා.
👖 පෙනුම ගැන සැලකිලිමත් වෙන්න
🟢 භෞතචිකිත්සකයින් අවවාද කරන්නේ කලිසම් ඇඳීමෙන් ඔයාව තවත් කෙට්ටුවට පේන බවයි.
🟢 නමුත් තද කලිසම් මගින් අපේ සිරුරේ ඇති තියන “ගැටලුකාරී” තත්ව සඟවා, ව්‍යායාම කිරීමට අවශ්‍ය නෑ කියන බොරු හැඟීමෙන් ඔබව රවට්ටනවා.
👖 ශරීරයට සහ අභ්‍යන්තර අවයවවලට සිදු වන දේ.
🟢 තද ඇඳුම්, ජීන්ස් සහ බෙල්ට් වගේම සම්පීඩන යට ඇඳුම් ඇඳීමෙන් අපේ ශරීර අවයවවලට ලොකු පීඩනයක් ඇතිවෙනවා.
🟢 තද කලිසම් සහ බෙල්ට් මගින් ඔයාගෙ බඩ මත ඇති කරන පීඩනය මගින් බඩේ ඇසිඩ් තත්වය වැඩි වෙනවා.
🟢 එතකොට බඩේ අජීර්ණ ඇති වෙනවා. ඒ නිසා, අපි කලිසම් ඇඳීම නැවැත්වූ විට, අපේ අභ්‍යන්තර ඉන්ද්රියයන් මත පීඩනය අඩු වී, මේ අප්‍රසන්න හැඟීම් මඟහරවා ගන්න පුළුවන්.
👖 ශරීරය කැසීම අඩු වෙනවා.
🟢 රෙදි වලට ආසාත්මික වෙන්න ඉඩ තියනවා.
🟢 සමහර ඇඳුම් නිසා අපේ ශරීරයේ කැසීම් ඇතිවෙන්නෙ මේ නිසයි.
🟢 දැඩි ලෙස කැසීම ඇති වීමට හේතුව තමයි, අපේ කකුල් සමඟ රෙදි තදින් ස්පර්ශ වීම. විශේෂයෙන්ම ලෙගින් සහ ඩෙනිම් වගේ තද කලිසම් අඳිනකොට, අපේ ශරීරය සමඟ එම ඇඳුම් ගොඩාක් ලඟින් සම්බන්ධ වෙනවා.
🟢 එමගින් සම කැසීමට පටන් ගන්නවා. ඔබ සමහර ලෝහවලට අසාත්මික නම්, ජීන්ස් එක මත තියන බොත්තමකින් පවා සමට අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්.
👖 කකුල්වල කුරුලෑ ඇතිවීම වැළකෙනවා.
🟢 තද කලිසම් ඇඳීම, විශේෂයෙන් යෝග කලිසම් නිසා කකුල්වල ආතතියක් ඇති වෙනවා.
🟢 එමගින් කකුල්වල කුරුලෑ හටගන්න පටන් ගන්නවා.
🟢 ඔයා කලිසම් ඇඳගෙන ඉන්නකොට දහඩිය වාෂ්ප වෙන්න අපහසුයි. ඒ නිසා, ඔයා ලිහිල් ඇඳුම් අඳිනවා නම්, මේ තත්වය අඩු කරගන්න පුළුවන්.
👖 මීට අමතරව
🟢බොහෝ විට කැන්ඩීඩා යීස්ට් ආසාදනය වැනි යෝනි ආසාදන නිසා ඇති වීම අඩුයි.
🟢 දිලීර ආසාදන අවදානම අඩු කරයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |