ළූණු ගෙඩියකින් දිවි රැක ගන්න පුළුවන් බව දැනගෙන හිටියද?

Onion Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Oct 19, 2022 11:59 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ලෝකයේ අනෙක් රටවල් කෙසේ වෙතත් ලංකාවේ අපි නම් ළූණු නැතුව කවදාවත් කෑමක් හදනේ නැහැනේ. ඒක හරියට අපේ ප්‍රධාන ආහාරයක් එහෙමත් නැත්නම් එළවළුවක් බවට පත්වෙලා.ඉතින් ඒ තරමටම අපිට නැතුවම බැරි එළවළුවක් වෙලා තියෙන ළූණු වල තන්තු,පොටෑසියම්,කාබෝහයිඩ්‍රේට්,ප්‍රෝටීන්,සෝඩියම්, කැල්සියම්,මැග්නීසියම් මෙන්ම විටමින් සී සහා බී 6 වැනි පෝෂක ‍සංඝටක රැසක් අඩංගු වෙනවා.

ඉතින් පෝෂණ සංඝටක පිරි ළූණු වලින් අපිට ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවද කියලත් බලමු.

අස්ථි ඝනත්වය වැඩිදියුණු කරවයි

🧅 විවිධ අධ්‍යනයන් කිහිපයක් මඟින්ම තහවුරු කර ඇත්තේ ළූණු ආහාරයට ගැනීමෙන් අපේ සිරුරේ අස්ථි වල ඝනත්වය වැඩි වීම කෙරෙහි ධනාත්මක බලපෑමක් සිදුකරන බවයි.


කොලෙස්ටරෝල් මට්ටම අවම කර හෘද සෞඛ්‍යය ආරක්ෂා කරයි.

🧅 ළූණු වල ඇති ඉහළ ප්‍රති-ප්‍රදාහක ගුණයන් මඟින් සිරුරේ ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීම කරනවා.

🧅 කොලෙස්ටරෝල් මට්ටම පහත මට්ටමක තිබෙන විට හෘද්වාහිනි රෝග (cardiovascular diseases) හටගැනීමට හැකි අවදානම අවම වී යන අතර හෘදය නීරෝගිමත්කෙරෙනවා.


ජීර්ණ ක්‍රියාවලිය පහසු කරයි

🧅 ළූණු තන්තු විශාල ප්‍රමාණයක් අඩංගු නිසා ජීර්ණ ක්‍රියාවලිය වඩාත් පහසු සහා වේගවත් කරවනවා.

🧅 එමෙන්ම ඒවා මඟින් බඩවැල් තුල සිටින හිතකර බැක්ටීරියාවන් වර්ධනය වීමට ඉඩ සලසා දේ. එමඟින් ජීර්ණ ක්‍රියාවලිය අපහසුතාවලින් තොර එක්ක බවට පත් කරනවා.


සෛල හානි වීමට ලක් වීම අවම කර ප්‍රතිඔක්සිකාරක ගුණ ලබාදෙයි

🧅 ළූණු වල වර්ග 25 කින් යුත් විවිධ ප්‍රතිඔක්සිකාරක ගුණ ‍රැසක් අඩංගුයි.

🧅 එම ප්‍රතිඔක්සිකාරක ගුණ මඟින් සිරුර ඇතැම් ලෙඩ රෝග වලට එරෙහිව ආරක්ෂා කරනවා පමණක් නොව සිරුරේ සෛල හානි වීම වළක්වනවා.


ඇස් පෙනීම වැඩිදියුණු කිරීම සහා මුඛ සෞඛ්‍යය ආරක්ෂා කරයි.

🧅 ළූණු ආහාරයට ගැනීමෙන් මුඛයේ ඇති අහිතකර බැක්ටීරියා විනාශ කරමින් මුඛ සෞඛ්‍යය ආරක්ෂා කරන බව තහවුරු වි තිබෙනවා.

🧅 ඒවායේ අඩංගු ප්‍රතිබැක්ටීරිය ගුණයන් මඟින් දත් ශක්තිමත් කරවීම ද සිදුකරයි.

🧅 එමෙන්ම ළූණු වල අඩංගු ‘quercetin’ නම් සංඝටකය මඟින් ඇසේ පටල නිර්මාණය වීමට එරෙහිව සටන් කරමින් ඇස් වල පෙනීම ආරක්ෂා කරනු ලබයි.


සුවදායි රාත්‍රී නින්දක් ලබාදෙයි.

🧅 කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පිරිසක් විසින් සිදුකල පර්යේෂණයක් මඟින් පෙන්වා දෙන්නේ ළූණු ආහාරයට ගැනීම මඟින් නින්දේ ගුණාත්මක බව වැඩිකරවන බවයි.


සිරුර වයස්ගත වීම පාලනය කරමින් සමේ නීරෝගී කරයි.

🧅 විටමින් A,C සහා E පෝෂක බහුල නිසා සමට පරිපූර්ණ දිදුලන බවක් ලබාදීමට ළූණු වලට හැකි බව සඳහන්.

🧅 ඒවා කුරුලෑ හටගැනීම අවම කරන බව ද තහවුරු වී ඇත.


මීට අමතරව මොළය ආශ්‍රිත හටගන්නා රෝග සහ පිළිකා ඇති වීමේ අවදානම වළක්වන්නත් ළූණු වලට හැකියාව තියෙනවා.  



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW