සුදුළූණු තම්බලා බිවුවොත් මොකද වෙන්නේ කියලා දන්නවද?

Garlic Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Jul 23, 2022 10:48 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සුදුළූණු වල අමුතු සුවඳ නිසා ගොඩක් අය සුදුළූණු වලට එතරම් කැමැත්තක් නැහැ. සුදුළූණු වල ප්‍රබල සක්‍රීය ද්‍රව්‍යයක් වන ඇලිසින් අඩංගු වන අතර එය මෙම සුවිශේෂී සුවඳ සඳහා හේතු වෙනවා. නමුත් සුදුළූණු ඖෂධීය ගුණ රැසකින් යුක්ත ආහාරයක්. මතකනේ කොරෝනා කාලේ සුදුළූණු වල තිබුණු වටිනාකම. ඇත්තටම ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව, දිලීර ආසාදන මෙන්ම කැස්ස ඇතුළු සෞඛ්‍ය ගැටළු වගේම රූපලාවන්‍ය ගැටළු වලට සුදුළූණු වල වටිනාකම කියලා නිම කරන්න බැහැ.

සුදුළූණු තම්බලා බිවුවොත්,

🧄 වකුගඩු සෞඛ්‍යය වැඩි දියුණු කිරීම.

🧄 සුදුළූණු වලට මුත්‍රා ආසාදන ඇති කරන ඊ කෝලි බැක්ටීරියා වර්ධනය අඩු කිරීමේ හැකියාව ද පවතිනවා.

🧄 සුදුළූණු ජලය පානය කිරීම හිසකෙස් සෞඛ්‍ය සඳහා ඉතාමත් හොඳයි. එය හිසකෙස් වර්ධනය කිරීමට උපකාරී වෙනවා.

🧄 අස්ථි සෞඛ්‍යය සහ අක්මාවේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට ද සුදුළූණු ජලයට හැකියි.

🧄 සුදුළූණු වල ඩයල් ඩයිසල්ෆයිඩ් ලෙස හැඳින්වෙන සංයෝගයක් අඩංගු වන අතර එය අස්ථි ඝනත්වය පවත්වා ගැනීමට උපකාරී වෙනවා.ඒ නිසා ඔස්ටියෝ ආතරයිටිස් ඇතිවීමේ අවදානම අවම කිරීමට උපකාරී වෙනවා.

🧄 ඔබේ රුධිරයේ පට්ටිකා වල ඇලෙන සුළු බව අඩු කිරීම.

🧄 කුරුලෑ ඇති වීම වැළැක්වීමට සහ කුරුලෑ ලප කැලැල් ඉවත් කිරීම.

🧄 සුදුළූණු වල ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඉතින් සුදුළූණු ජලය පානය කිරීම පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, මුත්‍රාශය, ආමාශය, අක්මාව සහ මහා බඩවැල ආශිත පිළිකා ඇති වීමේ අවදානම අවම කරනවා.

🧄 සුදුළූණු ජලය පානය කිරීම ශරීරයේ තාප උත්පාදනය වැඩි කරන අතර වැඩි මේදය දහනය කිරීමට සහ LDL (නරක කොලෙස්ටරෝල්) අඩු කිරීමට හැකියි.

🧄 සුදුළූණු ජලය පානය කිරීමෙන් ඔබේ බර අඩු කර ගෙන සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගෙන යාමට පුළුවන්.

🧄 ආහාර ජීර්ණය ආශ්‍රිත රෝග රැසක් සමනය කිරීමට සුදුළූණු වලට හැකියාව පවතිනවා. එබැවින් සුදුළූණු වතුර පානය කිරීම බඩවැල් පණුවන් ඉවත් කිරීමට වගේම නරක බැක්ටීරියා විනාශ කර බඩවැලේ ඇති හොඳ බැක්ටීරියා ආරක්ෂා කිරීමටත් කටයුතු කරනවා.

🧄 සුදුළූණු වතුර පානය කිරීම දියවැඩියා රෝගීන් සඳහා ගුණදායකයි.

🧄 ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට සුදුළූණු වලට හැකියි.

🧄සුදුළූණු වතුර පානය කිරීම හෘද සෞඛ්‍ය සඳහා ඉතාමත් හිතකරයි.මන්දයත් සුදුළූණු වල අඩංගු ඇලිසින් නම් සංයෝගය LDL (නරක කොලෙස්ටරෝල්) ඔක්සිකරණය වීම වළක්වනවා.

🧄 සුදුළූණු රුධිර පීඩනය අඩු කරන බැවින් අධි රුධිර පීඩනය ඇති රෝගීන්ට සුදුළූණු වතුර පානය කිරීම ගුණදායකයි.

🧄 මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට සුදුළූණු වතුර පානය කරන්න.

🧄 හැබැයි ප්‍රමාණය ඉක්මවා අධික ලෙස භාවිතා නොකිරීමටත් මතක තබා ගන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW