පොල්කිරි වල තියෙන මේ විශ්මිත සංඝටක ගැන ඔබ මීට කලින් අහලා තියෙනවද?
ලංකාවේ අපිට නම් පොල් කිරි කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. උයන පිහන හැමවෙලේම වගේ එක ආහාරයකට හරි පොල් කිරි එකතු කරගන්නවා. පොල් කිරි වල තියෙන මේදය, එහෙමත් නැත්නම් තෙල් නිසා ගොඩක් අය හරි බයයි මේවා ආහාරයට ගන්න. නමුත් ඔබ දන්නවද පිළිකා පවා මර්දනය කරන්න පුළුවන් ගුණ මේ පොල්කිරි වල අඩංගු බව.
? පොල් කිරිවල ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් C, විටමින් E, විටමින් B1, විටමින් B3, විටමින් B5 සහ විටමින් E6 යන පෝෂණ සංඝටක අඩංගු වනවා.
? ඊට අමතරව තන්තු සහ යකඩ, සෙලේනියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ෆොස්ෆරස් යන ඛණිජ ලවණයන්ගෙන්ද පොල් කිරි පරිපූර්ණයි.
? පොල් කිරි වල ලැක්ටෝස් අඩංගු නොවන නිසා ලැක්ටෝස් ඌනතාවයෙන් පෙළෙන්නන්ට ද එය ප්‍රයෝජනවත්. ඒ වගේම අමතරව අඩු මේද ප්‍රතිශතයක් තමයි පොල් කිරිවල අඩංගු වන්නේ.
? පොල් කිරිවල අඩංගු මේදය මගින් ආහාර ද්‍රව්‍ය, විශේෂයෙන්ම මස් සහ අප අහාරයට ගන්නා ශාක කොටස් වල ඇති රසකාරක හා පෝෂණ කොටස් නිස්සාරණය කරනු ලබනවා. වසක් විෂක් ශරීර ගත වූ විට ප්‍රථමාධාරයක් ලෙස පොල් කිරි පානය කරවන්නේ ඒ හේතුව මතයි.
? එමෙන්ම පොල් කිරි ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයටද ඉතාම හිතකරයි.
? ඒ වගේම පොල්කිරි වල අඩංගු ලෝරික් අම්ලය (lauric acid) ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට හා රුධිරවාහිනී පද්ධතිය පිරිසිදු කිරීමටද මහඟු දායකත්වයක් ලබාදෙන බවයි පර්යේෂණ පෙන්වා දෙන්නේ.
? මීට අමතරව අහක දමන පොල් වතුරද ඉතා පෝෂ්‍යදායී සංඝටක රැසකින් සමන්විත වන බවත් ඔබ මතක තබාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |