බබාට පැරසිටමෝල් දෙන්න කලින් මේ ගැන හරියටම දැනගෙන ඉන්න.

By Wayomi Aug 15, 2022 07:05 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඔබේ දරුවාට උණක් හෙම්බිරිස්සාවක් , හිසේ කැක්කුමක් ආවොතින් දෙමව්පියෝ විදියට ඔබ මුලින්ම කරන්නෙ බබාට පැරසිටමෝල් ලබා දෙන එක. ඒ වගේම රෝග තත්වයකදී ඩොක්ටර් නිර්දේශ කරන බෙහෙත් අතරෙත් මේ පැරසිටමෝල් වරදින්නේ නම් නෑ .හැබැයි ඔබ බබාට පැරසිටමෝල් දෙන්න කලින් ඒ ගැන හරියටම දනුවත්වෙලා හිටියොත් හොඳයි නේද?

මොනවද මේ පැරසිටමෝල් වලින් කරන්නෙ ?

? පැරසිටමෝල් වලින් කරන්නෙ ඉහත සඳහන් කළ රෝග තත්වයක් සුවපත් කිරීම නම් නෙවෙයි .

?උණ වැනි රෝගී තත්වයන්ගෙන් බබාට ඇති වන වේදනාව සහ පිඩාව තාවකාලිකව යටපත් කරලා ශරීරයට පුංචි සහනයක් ලබා දෙන්නයි.

? මේක උණ සහ වේදනාවට පමණක් තිබෙන වේදනා නාශකයක් නිසා බබාට උණ සහ වේදනාව ඇත්නම් පමණක් පැරසිටමෝල් දෙන්න.

? එවැනි තත්වයක් බබාට නැත්නම් වෛද්‍යවරයා ලබාදුන් බෙහෙත් අතර පැරසිටමෝල් තිබුණත් එය බබාට දෙන්න අවශ්‍ය නැහැ .


පැරසිටමෝල් මාත්‍රාව

? ඔබ බබාට පැරසිටමෝල් දෙනවානම් ඒ මාත්‍රාව මෙහෙමයි.

? දවසක් ඇතුලතදී ( පැය 24 ක් ඇතුලත ) හතරවරක් ලබාදෙන්න .

? උණ තිබෙනවා නම් පැරසිටමෝල් පැය හයෙන් හයට ලබාදෙන්න ඕනෙ .

? මේ කොහොම වුණත් පැය 24 ක් ඇතුළත දරුවා ලබාගන්නා පැරසිටමෝල් වාර ගණන හතර වතාවකට සීමා විය යුතුයි .

? ඒ වගේම වරකට කොයිතරම් ප්‍රමාණයක් පැරසිටමෝල් දෙන්න ඕනෙද කියන ප්‍රශ්නයත් ඔබට ඇති . ඔබ එය දරුවාට ලබාදෙන්න ඕනෙ දරුවාගේ බර අනුවයි . වරකට ලබාදෙන්න අවශ්‍ය පැරසිටමෝල් මාත්‍රාව බර කිලෝ ග්රෑම් එකකට පැරසිටමෝල් මිලිග්‍රෑම් 15 යි.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW