බියර් සම්බන්ධයෙන් තාවකාලික අත්හිටුවීමක්..මිලත් ඉහළ යයි?..

Mahinda Amaraweera Sri Lanka Politician Bar Association of Sri Lanka Businessman
By Aruna Jul 31, 2023 06:03 AM GMT
Report

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදාගැනීම තාවකාලිකව අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, එම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබාදී තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ, සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් තොග යොදාගැනීම අත්හිටුවමින් දැනටමත් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තවදුරටත් බලාත්මක වනු ඇති බවයි.

ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට මුහුණදීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බවයි පැවසෙන්නේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙරට තුළ පවතින සහල් තොග ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇති බවයි.

මෙවැනි තත්ත්වයක් තුල බියර් මිල ඉදිරියේදී තවත් ඉහළ යයි ද ?