ඩොලරයට හදිසියේම සිදු වූ දේ මෙන්න..

Dollar to Sri Lankan Rupee China Dollars
By Aruna Sep 29, 2022 06:56 AM GMT
Report

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව චීන යුවාන් මුදල් ඒකකය ද වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා.

එය සැලකෙන්නේ 2008 වසරෙන් පසු චීන මුදල් ඒකකයේ වාර්තා වූ පහළම අගය ලෙසයි.

අමෙරිකානු මහ බැංකුව මේ මස මුලදී සිය පොළී අනුපාත යළි ඉහළ දැමුවා.

ඒ අනුව ලොව සෙසු ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යමින් පවතිනවා.

පවතින තත්ත්වය මත ඊයේ දිනයේදී ආසියාවේ ප්‍රධාන කොටස් වෙළඳපොල මිල දර්ශක ද කඩා වැටුණා.

ඒ අතරට හොංකොං, ජපානය සහ දකුණු කොරියාවේ කොටස් වෙළඳපොලද අයත්.

බ්‍රිතාන්‍යයේ පවුම ද අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉකුත්දා පහළ ගියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now