රූපලාවන්‍ය ගැටළු 4කට සහල් පිටි වලින් සුපිරි සත්කාර 4ක්.

By Wayomi Sep 18, 2022 11:34 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සහල් වතුර සහ පිටි කියන්නේ ජපන් කාන්තාවන් සියවස් ගණනාවක ඉඳලා ලස්සන වෙන්න..සුන්දර වෙන්න භාවිතා කරන රූපලාවන්‍ය සත්කාරයක්.ඉතින් මේ කියන්න යන්නෙත් ජපන් ළඳුන්ගේ රූපලාවන්‍ය සත්කාර 4ක් ගැනයි.

විශේෂයෙන්ම කියන්න ඕන අධ්‍යන වලින් පවා සොයාගෙන තියෙන ආකාරයට සහල් වල විටමින්, ඛනිජ ලවණ, ඇමයිනෝ අම්ලය සහ ෆෙරොලික් අම්ලය අඩංගු වන අතර එය විශිෂ්ට ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අතර සමට ස්වභාවික දිලිසෙන සහ දිදුලන පෙනුමක් ලබා දෙනවා.

01) සමේ ඇති අඳුරු පැල්ලම් (Dark Spots) ඉවත් කිරීමට


අවශ්‍ය ද්‍රව්‍ය

🔅 සහල් පිටි තේ හැදි 1 ක්.

🔅 කළු තේ ( බ්ලැක් ටී) බෑග් 1ක්.

🔅 උණු වතුර ටිකක්.

🔅 මී පැණි තේ හැන්දක්.

කරන ආකාරය

🔅 උතුරා ගත් වතුර ස්වල්පයක විනාඩි 2-3 ක් කළු තේ බෑගයක් තම්බා ගන්න. දැන් එයට ඔබ සපයා ගත් සහල් පිටි සහ මී පැණි එකතු කරන්න.

🔅 හොඳින් සියල්ල මිශ්‍ර කර සිනිඳු පේස්ට් එකක් සාදාගන්න.

🔅 අවසානයේ මෙම පේස්ට් එක ඔබේ සමේ ගල්වා මෘදු ලෙස සම්බාහනය කරන්න.

🔅 විනාඩි 10-15 ක් අතර කාලයක් තබා ඔබේ මුහුණ හොඳින් සෝදා ගන්න. ( වඩා හොඳ ප්‍රතිඵල සඳහා ඔබේ මුහුණ සීතල වතුරෙන් සෝදන්න.)


02) අඳුරු වර්ණක (Dark Pigmentation) ඉවත් කිරීමට සහල් පිටි භාවිතා කරන ආකාරය.


අවශ්‍ය ද්‍රව්‍ය

🔅 සහල් පිටි තේ හැදි 1 ක්.

🔅 යෝගට් හෝ මී කිරි තේ හැදි 1 ක්.

🔅 කහ කුඩු තේ හැදි 1 ක්

කරන ආකාරය

🔅 බඳුනක් තුළ සහල් පිටි, යෝගට් හෝ මී කිරි සහ කහ කුඩු හොඳින් මිශ්‍ර කරන්න.

🔅 දැන් මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.

🔅 විනාඩි 10-15 ක් පමණ තබා සීතල වතුරෙන් සෝදා හරින්න.

🔅 හොඳම ප්‍රතිඵල සඳහා, අවම වශයෙන් සතියකට වරක් මෙය කරන්න. (ඔබට අවශ්‍ය නම් මෙයට මී පැණි තේ හැන්දක් ද එකතු කළ හැකියි)


03) වියළි සම දුරු කර ගැනීමට සහල් පිටි භාවිතා කරන ආකාරය.


අවශ්‍ය ද්‍රව්‍ය

🔅 සහල් පිටි තේ හැදි 2 ක්.

🔅 කෝමාරිකා ජෙල් තේ හැදි 2 ක්.

🔅 ග්‍රේට් කරගත් පිපිඤ්ඤා තේ හැදි 2 ක්.

කරන ආකාරය

🔅 ඉහත සියලුම අමුද්‍රව්‍ය එකට බ්ලෙන්ඩර් කර ගන්න.

🔅 දැන් මෙම පේස්ට් එක ඔබේ මුහුණේ මෘදු ලෙස ආලේප කර විනාඩි 20 ක් තබා උණුසුම් ජලය භාවිතා කර සෝදා හරින්න.

🔅 වඩා හොඳින් අවශෝෂණය වීම සඳහා මෙම සත්කාරය භාවිතා කිරීමට පෙර ඔබේ මුහුණ තෙත් කරන්න.

🔅 හොඳම ප්‍රතිඵල සඳහා අවම වශයෙන් සතියකට වරක් මෙම සත්කාරය අනුගමනය කරන්න.


04) දිදුලන සමක් ලබා ගැනීමට සහල් පිටි භාවිතා කළ හැකි ආකාරය.


අවශ්‍ය ද්‍රව්‍ය

🔅 එක් තක්කාලි ගෙඩියක යුෂ

🔅 සහල් පිටි තේ හැන්දක්.

🔅 ඔලිව් තෙල් තේ හැන්දක්.

කරන ආකාරය

🔅 සහල් පිටි, තක්කාලි යුෂ සහ ඔලිව් තෙල් යන සියල්ල හොඳින් මිශ්‍ර කරන්න.

🔅 ඝන තට්ටුවක් සේ මෙම මිශ්‍රණය සම මත ආලේප කර විනාඩි 15-20 අතර කාලයක් තබන්න.

🔅 අවසානයේ සීතල වතුරෙන් ඔබේ මුහුන හොඳින් සෝදා ගන්න.

🔅 වඩා හොඳ ප්‍රතිඵල සඳහා මෙම සත්කාරය භාවිතා කිරීමට පෙර විනාඩියක් හෝ දෙකක් ඔබේ මුහුණට උණුවතුර වාෂ්ප අල්ලන්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW