අතකොලු නොවී නායකයෙකු වන්න - තරුණයින්ට රජය කියන එකම දෙය මෙන්න
දේශපාලන අතකොලු බවට පත්ව තිබූ තරුණ ප්‍රජාව දේශපාලන නායකත්වය දක්වා ගෙන ඒම වත්මන් රජයේ ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
වසර තිස්දෙකකට පසු පැවති ජාතික තරුණ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ජාතික තරුණ සමුළුව අද උදෑසන ආරම්භ වුණේ තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. දිවයිනේ සියලුම දිස්ත්‍රික් නියෝජනය කරමින් තරුණ තරුණයින් 6000කට වැඩි පිරිසක් සමුළුවට එක්ව සිටිනවා.
සියලු දෙනාගේ සහභාගීත්වයෙන් යෞවන ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව සමුළුවේ කටයුතු ආරම්භ කෙරුණා. නව ජාතික මණ්ඩලයේ නිලධාරීන් හදුන්වාදීම ද සිදුකෙරුණු ඉන් අනතුරුවයි. තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා සමුළුවට එක්වු සියලු දෙනා පිළිගනු ලැබුවා.
අනතුරුව සමුළුව ඇමතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා කියා සිටියේ අනාගතයට සරිලන තරුණ පිරිසක් ගොඩනැගිම වත්මන් රජයේ අරමුණ බවයි. ජාතික තරුණ සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ නව ජවයකින් යුතුව තරුණ පිරිස් නායකත්වය කරා යොමුකිරීමට අවශ්‍ය සියලු පරිසරය සකසන බවයි.