බංග්ලාදේශයේ භූ කම්පනයක්

Bangladesh Earthquake
By Sithumi Jun 16, 2023 01:06 PM GMT
Report

බංග්ලාදේශයට රිච්ටර් මාපකයේ 4.8 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අද (16) අලුයම සිදු වූ භූමිකම්පාව ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ බෙංගාලයට ද දැනී ඇති බවයි.

මේ අතර, දකුණු පැසිෆික් සාගරයේ ටොංගා දුපතට ආසන්න ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

එය ටොංගා දුපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 280 පමණ කලාපයක් දක්වා කම්පන තත්ත්වය දැනී ඇත.

කෙසේවෙතත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවට අමෙරිකානු කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.