බටපොල මාරක රිය අනතුර..
Sri Lanka
Accident
By Sewvandhi
මාර්ගය හරහා ගමන් ගත් කාන්තාවකගේ බටපොල – අම්පේගම මාර්ගයේ කහටපිටිය 05 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක් සිරුරේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය සඳහන් කරන්නේ, අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.
මියගිය කාන්තාව කහව, දඩල්ල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි අයෙකි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ,, මෙම අනතුර යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය පැදවීමෙන් සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර සිද්ධිය සම්බධයෙන් බටපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.