බැසිල් ගැන ප්‍රභලයෙකුගෙන් විශේෂ හෙළිදරව්වක්..

Basil Rajapaksa Sri Lanka Cabinet
By Sithumi Jun 13, 2022 11:20 AM GMT
Report

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉවත් වීම පිටුපස සැඟවුණු විශාල සැලැස්මක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙකඩ වීම වළක්වා එම පක්ෂය විසින් ආණ්ඩුව මෙහෙයවීම බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම බවය. "

බැසිල් මහත්තයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවේ ඒක කවුරුත් පුදුමයට පත්කළ දෙයක් වුණා. ඒක බැලූ බැල්මට පේන්නේ දැන් ගේන්න තියෙනවා 21 ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුවේ ඉන්න බැරිවෙන. ඒක ගෙනාවොත් ඔහුට මන්ත්‍රීධූරය අහිමිවෙයි කියන හේතුවෙන් ඔහු ඉවත්වුණා කියලා. නෑ. ඊට වඩා ලොකු ප්ලෑන් එකක් තියෙනවා. ඔහුගේ ප්‍රශ්නය වුණේ, පොහොට්ටුව ලොකු බෙදීමකට ගියොත් පොහොට්ටුවේ බලය නැතිවෙනවා.

පොහොට්ටුවේ බලය පවත්වාගෙන යෑමට කල්පනා කළා ඔහු ඉවත් වුණොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් මෙතන තියෙන මුලික ප්‍රශ්නය ඉවරයි. විපක්ෂයට මුලික ප්‍රශ්නයක් තියෙන්නේ, ඒ වගේම ආණ්ඩු පක්ෂය තුළත් ඒක ගෙන එන අයට තියෙන එක උවමනාවක් තියෙන්නේ ද්විත්ව පුරවැසිභාවයේ ප්‍රශ්නය. ඔහු ඉවත්වුණාට පස්සේ, ඒක ප්‍රශ්නයක් නොවන කොට ජනාධිපතිතුමාගේ බලතල අඩුකිරීම කිරීම ගැන ප්‍රශ්නය ලොකුවට බලපාන ප්‍රශ්නයක් නෙමෙයි.

ඒක ගැන වුණත් ඔහු ගේන්න ඉන්නවා යම් සංශෝධනයක්. මම පෙන්වන්න හදන්නේ පොහොට්ටුව බෙදීම වළක්වාගෙන, පොහොට්ටුව එකට තියාගෙන, පොහොට්ටුවේ බලයෙන් ආණ්ඩුව හසුරවන්න බැසිල් මහත්තයාට තියෙන සැලැස්ම. ඒ උඩ තමා ඒ අය කියන්නේ පොහොට්ටුවේ අගමැති කෙනෙක් ඕනේ කියලා." ධම්මික පෙරේරා මහතා තම සමාගම්වල තනතුරුවලින් ඉවත් වුවද එහි අයිතිය අතහැර නොමැති බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. "

එතුමාට දීලා තියෙන්නේ විෂයන් සියල්ලම වගේ ජනාධිපතිතුමාගේ විෂයන්. ඒකෙන් තේරෙන්නේ ඔහු ලොකු බරක් ඇතුවයි කැබිනට් මණ්ඩයට එන්නේ. ඔහුට මුදල් ඇමතිකම දුන්නොත් හාස්‍යයට හා දෝෂාරෝපණයට ලක්වන නිසා තමයි මුදල් ඇමතිකමට කෙලින්ම නොදැම්මේ. මේ තත්ත්වය යටතේ අපි හිතන්නේ ධම්මික පෙරේරා විශාල ව්‍යාපාර ගණනාවක අයිතිය තියෙනවා.

එම ව්‍යාපාරවලින් ඉල්ලා අස්වෙලා කියලා කියනවා. නමුත් ඔහුගේ අයිතිය නැතිකරගෙන නෑ. ඔහු ඒ තනතුරුවලින් අස්වෙලා. ආණ්ඩුවත් ඔහුගේ සමාගමත් අතර, යම් ගනුදෙනුවක් සිද්ධවෙන්න ගියොත් එතනදී ධම්මික ඔහුට ඇති බලය ඔහුගේ සමාගම් වෙනුවෙන් ක්‍රියාත්මක කරන එක ගැන කාටවත් සැකයක් තිබිය යුතු නෑ."