බැසිල් හෙට ලංකාවට ඇවිත් කරන්න දේ මෙන්න..යළි රට පුරා පෙරළියක් කරයි?..
Basil Rajapaksa
Sri Lanka Podujana Peramuna
Sagara Kariyawasam
By Aruna
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට ඉරිදා (නොවැ. 20) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
ප්‍රධාන පුවත්පතක් කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව, ඔහු පෙරේදා (නොවැ. 17) රාත්‍රියේ අමෙරිකාවෙන් පිටත් වී ඇතැයි වාර්තා වේ.
කාරියවසම් මහතා සඳහන් කළේ, මේ වන විටත් ආරම්භ කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලමුළු ගැන්වීමේ කිරීමේ කටයුතු බැසිල් රාජපක්ෂගේ පැමිණීමෙන් වඩාත් ශක්තිමවත් වනු ඇති බවයි.
එමෙන් ම, පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ද ඔහු සමග සාකච්ඡා කෙරෙනු ඇති බව කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |