බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටවෙයි..

Basil Rajapaksa Sri Lanka Politician
By krishani Sep 09, 2022 09:33 AM GMT
Report

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටත්ව යාමේ අරමුණින් මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ ඇති බවට වාර්තා වේ.

ඒ අද (09) දින සවස 05:20 ට කටුනායක සිට ඩුබායි බලා පිටත් වන ගුවන් යානයකින් ඩුබායි බලා ගොස් එතැනින් ඇමරිකාව බලා යාමට නියමිත බවට වාර්තා වේ.

කෙසේවෙතත් transparency international ආයතනය අධිකරණය ඉදිරියේ ගොනුකළ නඩුවක් හේතුවෙන් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු තවත් පිරිසට විදෙස් ගමන් තහනමක් පැන වූ අතර පසුගියදා අධිකරණය විසින් එම ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරනු ලැබිණ.

ඒ අනුව ලබන ජනවාරි නව වැනිදා දක්වා බැසිල් රාජපක්ෂට විදෙස් ගමන් සඳහා අවසරය හිමි වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join