බැසිල් දිවයිනට පැමිණි පසු පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙනවා..
Basil Rajapaksa
Nimal Siripala De Silva
Sri Lanka
Sri Lanka Podujana Peramuna
By Sewvandhi
විදෙස් ගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඉදිරි දිනකදී මෙරටට පැමිණීමෙන් පසුව පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව - ගිරිතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකයා ලෙස රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පත් කිරීම ද මෙහිදී සිදුකෙරුණා.
මීට පෙර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහයි.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
You may like this video-:
මාධ්‍යවේදීන් ජනපතිගෙන් ඉල්ලු උදව්ව-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |