බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව යළි දීර්ඝ කරයි
Basil Rajapaksa
Latest Headlines
Sinhala news
Puwath.lk
Arrest
By R.rishma
මාතර, එළියකන්ද පාරේ බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ පිහිටි අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීම සම්බන්ධ නඩුවට දෙවැනි වරටත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද (21) යළි දීර්ඝ කර තිබේ.
අද (21) නඩුව කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා සැකකාර හිටපු අමාත්‍යවරයාගේ ඇපකරුවන් සිව්දෙනාට දැඩි අවවාදයක් නිකුත් කරමින්, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඇප මුදල් රාජසන්තක නොකළ යුත්තේ මන්දැයි හේතු දක්වන ලෙසද මහෙස්ත්‍රාත්වරයා ඇපකරුවන්ට දැනුම් දුන්නේය.