බැසිල් විපක්ෂනායක වීමේ සූදානමක්..නාමලුත් විපක්ෂට එයි? සජිත්ට සියල්ල නැතිවෙයි ද?

Basil Rajapaksa Gotabaya Rajapaksa Mahinda Rajapaksa Namal Rajapaksa Sajith Premadasa
By Aruna Apr 29, 2022 06:20 AM GMT
Report

අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර වෙනත් අගමැතිවරයෙක් පත් කළහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරනවා.

සමගි ජන බලවේගයට දැනට පවතින්නේ මන්ත්‍රී ආසන හතළිස් බැවින් පොදුජන පෙරමුණේ කණ්ඩායමට ඊට වඩා වැඩි මන්ත්‍රී නියෝජනයක් පෙන්වා විපක්ෂයේ වාඩි විය හැකි බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට වෙනත් අගමැති වරයෙකු ඔහු පත්කිරීම මෙන්ම බැසිල් රාජපක්ෂ කණ්ඩායම විපක්ෂයේ වාඩි වීම යන කාරණා දෙකම විකෘතීන් බවත් පැවසූ ඔහු මෙම කණ්ඩායම් දෙකම නියෝජනය කරන්නේ එකම අරමුණක් බවත් කියා සිටියා.

මේ අතර ජනාධිපතිවරයා ගැනීමට සූදානම් වන තීන්දුව පිළිබඳ සාකච්ඡා කිරීමට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වන ගෝඨාභය රාජපක්ෂ සමග මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ හමුවී ඇත.

මෙහිදී පවුලේ වැඩිමලා වශයෙන් මෙම අර්බුධය විසදීමට ගත හැකි ක්‍රියාමාර්ග 3ක් පිළිබඳ චමල් රාජපක්ෂ පෙන්වා දී ඇත.

‘අපි ට මෙතැනදී ක්‍රම 3ක් අනුගමනය කරන්න පුලුවන්.

එක තමයි එක්කෝ අපේම කෙනෙක්ට අගමැති ධුරය ලබා දෙන එක, දෙක තමයි අපි විපක්ෂයට යන එක තුන තමයි ඔය චම්පිකලාට හරි සජිත්ලාට හරි අගමැතිකම ගන්න දෙන එක.

හැබැයි මට හිතෙන විදිහට මේ තුන්වැනි දේ වෙන්න දෙන එක නම් ඒ තරම් සුබ නෑ.

ඒ නිසා කරන්න තියෙන හොදම දේ තමයි අපේම කෙනෙක්ට අගමැතිකම ගන්න ඉඩ දීලා ආණ්ඩුව කරගෙන යන එක” මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ පොහොට්ටුවේම පිරිසක් නැවතත් පත් කරගෙන ආණ්ඩුව කරගෙන යාමට නම් විමල් හා ගම්මන්පිලගේ සහය ලබා ගැනීම අවශ්‍ය බවත් මහින්ද අගමැති ලෙස ඉන්නා තුරු ඔවුන්ගේ සහය ලබා ගැනීමට නොහැකි බවත්ය.

මෙහිදී මහින්ද ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ තමන් කුමක් කළ යුුතුද කියායි. එවිට ජනාධිපතිවරයා පවසා ඇත්තේ මහින්ද අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බවයි.

ඒ අවස්ථාවේදී මහින්ද එම යෝජනාවට එකග වී ඇත. මෙහිදී නාමල් පවසා ඇත්තේ තමන් ඕනෑම මොහොතක විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් අගමැතිධුරයෙන් ඉවත් වීමට මහින්ද ගත් තීන්දුව පසුදා වන විට යළිත් වෙනස් වී ඇත්තේ පවුලේ උදවියගේ බල පෑම මත වෙනස් වී ඇති බවයි.

මේ අතර තම පියා වන මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද පවසා තිබේ.

නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදීය.

අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරන්නේ නම් පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සමඟ තමන් විපක්ෂයට යන නාමල් රාජපක්ෂ මහතා පවසා ඇතැයි වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්‍ෂයක ජනතාව ඡන්දය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ පිළිබඳ වූ විශ්වාසය මත බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී පවසා ඇතැයිද ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now