ජනාධිපති අපේක්ෂකත්වයට බැසිල් සහ නාමල් අතරේ සටනක්..

Basil Rajapaksa Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna President of Sri lanka
By Aruna Aug 27, 2023 07:21 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීලග ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂය තුළ බෙදීමක් ඇතිවී තිබෙනවා.

එක පාර්ශවයක් බැසිල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරමින් ඇති අතර, තවත් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා යෝජනා කර ඇත.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරඟ කිරීමට තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම අකමැත්තක් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු බවයි පක්ෂයේ පිරිසක් සඳහන් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් තම අදහස පළ කර නැති අතර, ඔහු වැඩිපුර කැමැත්තක් දක්වන්නෙ විපක්ෂයට ගොස් එහි කාර්යභාරය කාර්යය සිදු කිරීමට බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.