දරුවෙකු හදා ගැනිමට ගැනීමේදි සපුරාලිය යුතු මුලික අවශ්‍යතා හා සුදුසුකම් මෙන්න...
දරුවෙක් යනු දෙමාපියන් දෙදෙනාට වටිනා සම්පතකි. දෙදෙනෙකු විවාහ විමෙන් පසු ඔවුන් දෙදෙනාගේ ඊලග සිහිනය වනුයේ දරුවෙකු හදා වඩා ගැනීමය. නමුත් දරුවෙකු ලැබීමට සසර වාසනා ගුණය හා පින් මහිමය තිබිය යුතුය. එසේ නොමැති අවස්ථාද ඇත . දරුවන් නොමැති වුවද දරුවන්ට ආදරය කරුණාව දක්වන අයද අද සමාජයේ ඔන තරම් දකින්නට පුළුවනි.
දරුවෙක් ලැබුණද මග තොට, කුණු කානු වල, කුණු බදුන් තුල දරුවන් දමායන දෙමාපියන්ද සමාජයේ දක්නට ඇත. කෙසේ වෙතත් දරුවන් හදා වඩා ගැනිමට ගන්නා දෙමාපියන්ද මම නම් දකින්නේ දෙවියන් ලෙසටය. දෙමාපියන් තම දරුවන් හදා වඩා ගැනීමට දරණ වෙහෙස මහන්සිය යම් සේද එසේම තමන් දරුකමට ගත් දරුවන්ද එසේ නෙවිදිනා දුක් විද හදා ගන්නා දෙමාපියන් මම දැක ඇත. සියලු මව්වරුන් හට මෙම ලිපිය බෙහෝ සෙයින් වැදගත් වේවා යැයි මම සිතන්නෙමු.
දරුවෙකු හදා ගැනිමට ගැනීමේදි සපුරාලිය යුතු මුලික අවශ්‍යතා හා සුදුසුකම්.
මේ සම්බන්ධ නීති රීති ශ්‍රී ලංකාවේ 1941 අංක 24 දරන දරුවන් දරුකමට හදා ගැනීමේ ආඥාපනත තුළ සඳහන් වේ. ඊට අනුව දරුකමට හදා ගැනීමට අවසර ලබා ගැනීමට උසාවියට ඉල්ලීමක් කළ යුතු වේ.
දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 14ට වැඩි නොවිය යුතුය.
ඉල්ලුම්කරු විසින් සපුරාලිය යුතු අවශ්‍යතා,
- ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 25ට වැඩි විය යුතූය.
- දරුවා හදා ගැනීමට ඉල්ලුම්කරන්නා සහ අදාළ දරුවා අතර වයස පරතරය අවම වශයෙන් අවුරුදු 21ක් වත් විය යුතූය.
- දාළ දරුවා ඉල්ලුම්කරුගෙන් පැවත එන්නකු නම්, ඉල්ලුම්කරුගේ සහෝදරයකුගේ/ සහෝදරියකගේ හෝ ඔවුන්ගෙන් පැවත එන දරුවකු නම් හෝ ඒ අයගේ විවාහක පාර්ශවකරුගේ දරුවකු නම් ඉහත තත්ත්වය අදාළ නොවේ.
දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 10ට වැඩි නම් දරුවාගේ කැමැත්ත අවශ්‍ය වේ.
විවාහක පාර්ශව විසින්(ස්වාමියා සහ භාර්යාව) ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතූය.
දරුකමට හදා ගැනීමේ ආඥාවක් නිකුත් කරනු ලබන්නේ දිසා අධිකරණය විසිනි.
එම ආඥාව රෙජිස්ට්‍රාර ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.
දරුකමට හදාගන්නා ළමයාගේ උපත නැවත ලියාපදිංචි කරවා ගත හැකිය.
උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
- මව්පියන්ගේ විවාහ සහතිකය
- මවගේ සහ පියාගේ උප්පැන්න සහතික
- දරුකමට ගැනීම පිළිබඳ සහතිකය
උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය දරුවා උපන් ස්ථානය අයත්වන ප්‍රදේශයට අදාළ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |