බැසිල් රටින් පිටවෙන්න ගියේ කාගේ සහයෝගයෙන්ද?..වැඩි විස්තර මෙතනින් බලන්න.(PHOTOS/VIDEO)

Basil Rajapaksa
By Aruna Jul 12, 2022 06:19 AM GMT
Report

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටවීමට පැමිණි අවස්ථාවේදී ඔහුට සහය වීම සඳහා ගුවන්තොටුපල ආරක්ෂක අංශයේ සේවය කරන ඉහළ නිලධාරියෙකු ගේ පූර්ණ සහයෝගය හිමිවී තිබෙනවා.

එම නිලධාරියා මීට පෙර රාජපක්ෂවරුන් සමග විදෙස් ගමන් යාමේදී ඉතාමත් සමීපව කටයුතු කර තිබේ.

මෙලෙස බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලවී ඇති මොහොතක ඔහුට රටින් පිටවීමට මහජන මුදල් වලින් වැටුප් ලබන උසස් නිලධාරීන් සහයෝගය දීම කාගේ උවමනාවක්ද?

එවැනි අවස්ථා කිහිපයක් පහත ඡායාරූප වලින් දැක්වේ.

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටවීමට පැමිණි අවස්ථාවේදී BIA හි සේද මාර්ගයේ පිටත්වීමේ පර්යන්තයේ විගමන හා ආගමන නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වී ඇති බව වාර්තා වනවා.

ඉන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ආපසු හැරී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා සහ  ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන්තොටුපොලේ විශේෂ කාමරයක සිටින බවට පුවතක් සමාජ මාධ්‍ය  පුරා පැතිරයමින් පවතිනවා.

එම වීඩියෝව පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery