අසිත නිරෝෂණගේ ප්‍රකාශයට නීතිඥ සංගමයෙන් දැඩි ප්‍රතිචාරයක්

Sri Lanka Politician Latest Headlines Sinhala news NPP Government Puwath.lk
By R.rishma Jul 25, 2026 11:55 AM GMT
Report

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සංගමය සඳහන් කරන්නේ, එම ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාදවල ආරක්ෂාව යටතේ නොව, පාර්ලිමේන්තුවෙන් පිටතදීද සිදු කිරීමට මන්ත්‍රීවරයා සූදානම් නම් එය සිදු කරන ලෙස තමන් අභියෝග කරන බවයි.

එමෙන්ම, නීතිඥ සංගමයේ සභාපතිවරයා ඉලක්ක කර ගනිමින් සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සංගමය බලවත් අප්‍රසාදය පළ කරන අතර, එවැනි ප්‍රකාශ වගකීමෙන් යුතුව සිදු කළ යුතු බවද සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත. 

Gallery