භානුක රාජපක්ෂ හදිසියේ තීරණයක් ගනී.. මුළු රටටම සුබ පණිවුඩයක්..

Sri Lanka Sri Lanka Cricket Namal Rajapakshe Banuka Rajapaksha Sport cricket
By Aruna Jan 13, 2022 06:42 AM GMT
Report

අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වීම සඳහා ක්‍රිකට් ආයතනයට ලිපියක් යැවූ භානුක රාජපක්ෂ මේ වනවිට තවත් ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර තිබෙනවා.

එම ලිපිය මගින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වීම සඳහා යොමු කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බවත්, තමන් යළි ජාතික කණ්ඩායමට එක් වන බවත් සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

මේ අතර හදිසි තීරණයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් පසුගියදා සමුගත් ප්‍රවේගකාරී නැගී එන තාරකාව භානුක රාජපක්ෂ එලෙස සමුගැනීමෙන් අනතුරුව ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා යොමුවන බවට ආරංචි ලැබී තිබුණා.

භානුක ඉල්ලා අස්වීමට ඇත්තම හේතුව ‘ෆිට්නස්‘ හේතුවක්ද යන්න දැනට සැකයට භාජනයවී තිබූ අතර පවුලේ අවශ්‍යතාවක්ද,නැතිනම් ගුප්ත විද්‍යා ශාස්ත්‍රීය උවමනාවක්ද, යන්න ගැනද විවාධ කතා පැතිර තිබේ.

ඇදවැටී තිබුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්නට යංතම් බලාපොරොත්තු ලැබෙමින් පැවති වකවානුවේ එහි අනාගත යෝධ ශක්තියක් වනු ඇතැයි ක්‍රීකට් ලෝලීන්ගේ නොමද අපේක්ෂා ඇතිකළ භානුක කුසුම පිපෙන්නටත් පෙර පරවී යාම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට මෙන්ම, මෙරට ක්‍රිකට් ක්ෂෙත්‍රයට ඇති කළේ මහත් කණස්සල්ලකි.

විස්සයි20 තරග 18 ක් හා එක්දින තරග 5 ක් පමණක් ක්‍රීඩාකර පිළිවෙලින් 104 ක හා 134 ක ලකුණු ලබාගැන්මේ සාමාන්‍යයක් වාර්තා කර තිබූ වයස 30 ක් වූ භානුකට විශාල ඉදිරියක් තිබුණ බව බොහෝ තැන්වල කතා ඇති විය.

එල්පීඑල් තරගාවලියේ අනුශූරතා දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නායකයා වූයේද භානුකයි. ඔහුව ඉදිරි බීපීඑල් තරගාවලිය සඳහා තෝරාගෙන තිබූ අතර ජනවාරි 21 වනදා එයට යන්නට නියමිතවුවත් ඔහු ඒවායින්ද ඉවත්ව තිබුණා.

ජනවාරි 16 සිට 21 දක්වා මහනුවරදී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ එක්දින තරඟාවලියත් රාජපක්ෂ අහිමි කරගෙන තිබුණා.

භානුකට ප්‍රශ්නක් තිබුනේ නම් මීට වඩා වේලාව ගෙන එය විසඳාගන්නට ඉඩ තිබියදී අවසන් තීරණය තමාම ලබාගෙන ඉල්ලා අස්වීම ගැටලුකාරී බව ක්ෂෙත්‍ර ආරංචිමාර්ග හෙළි කළා.

යෝග්‍යතා ප්‍රමිතීන් සපුරාලීමට නොහැකි නිසා ඔහු අස්වූ බවට මුලින්ම මාධ්‍ය වෙත තොරතුරු ආවත් ඇත්ත හේතුව එයම විය නොහැකි බව වාර්තාවේ.

යෝග්‍යතා ප්‍රශ්නය ගැන ඔහු කතා කර තිබුනේ මීට කලකට ඉහතදී එංගලන්ත සංචාරයකට යාමට පෙරයි. ඔහු ඒ ගැන මාධ්‍ය වෙත අදහස් දැක්වීම නිසා ක්‍රිකට් ආයතනය ඔහුට එරෙහිව දඩයක්ද පනවා තිබුණි.

මීට පෙර අස්වීමේ ලිපියේ ඔහු ප්‍රකාශ කර තිබුනේ “පවුලේ වගකීම්” සලකා බැලීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

“මම ක්‍රීඩකයෙකු, ස්වාමිපුරුෂයෙකු ලෙස මගේ තත්ත්වය ඉතා හොඳින් සලකා බලා, මෙම තීරණය ගන්නේ පිතෘත්වය සහ ඒ ආශ්‍රිත පවුල් බැඳීම් අපේක්ෂාවෙන්” යැයි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.

ඔහුගේ බිරියට දරුවෙකු ලබන්නට සිටින බවත් ක්‍රිකට් අතැර ඇය සමග වෙනම පවුල් ජීවිතය ගතකිරීම අපේක්ෂාව බවත් එයින් ඉඟි කෙරිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now