බැංකු පොලී අනුපාතය අඩු කිරීම ගැන සතුටුදායක ආරංචියක්..අඩු කළ පොලී අනුපාතය මෙන්න..

Central Bank of Sri Lanka Sri Lanka Politician Sri Lanka Government
By Aruna Jul 24, 2024 02:47 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් ලකුණු 25 කින් අඩු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, ඊයේ (23) පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය අනුපාතිකය 8.25%කින්ද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 9.25% කින්ද පහළ යයි.

වැඩි කළ වැටුප් බල රහිත කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..

වැඩි කළ වැටුප් බල රහිත කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..


මධ්‍ය කාලීනව 5%ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගැනීමේ අරමුණින් දේශීය හා ගෝලීය පෙරමුණුවල වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික වර්ධනයන් සහ විය හැකි අවදානම් සහ අවිනිශ්චිතතා පිළිබඳ මනා තක්සේරුවකින් අනතුරුව මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇති බවයි පැවසෙන්නේ.

වාර්තා වන අන්දමට ආර්ථිකය එහි සම්පූර්ණ ධාරිතාව කරා ළඟා වීමට මෙම තීරණයට එළඹීමේදී, ලිහිල් කරන ලද මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බලා ඇති බවයි පැවසෙන්නේ.

ඉදිරි පැය 24 තීරණාත්මකයි..විශේෂ අනතුරු ඇඟවීමක්..

ඉදිරි පැය 24 තීරණාත්මකයි..විශේෂ අනතුරු ඇඟවීමක්..