මෙරට ප්‍රධාන බැංකුවක් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..

Central Bank of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka Government Of Sri Lanka
By Aruna Oct 27, 2023 06:09 AM GMT
Report

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ පරිපාලන දුර්වලතා මඟහරවා නව මුහුණුවරකින් තරගකාරී බැංකුවක් ලෙස පවත්වාගෙන යාමට කෝප් කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සාවද්‍ය ලේඛන ඉදිරිපත්කොට රුපියල් මිලියන 68ක් ණය ලබාගැනීමෙන් බැංකුවට සිදුවූ අලාභය පියවීම සහ ඊට ගනු ලැබු නෛතික ක්‍රියාමාර්ග පිළිබඳව ද වාර්තාවක් කැඳවීමට කෝප් කමිටුව නිර්දේශ කළ බවයි.

එමෙන්ම සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය බැංකු හර පද්ධතියක් ස්ථාපිත කිරීමට ද කෝප් කමිටුව විසින් නියෝග කර ඇති අතර ප්‍රමාද වූ 2021/2022 වාර්ෂික වාර්තා ලබන ජනවාරිය අවසන්වීමට පෙර ඉදිරිපත් කරන ලෙසද නි‍ර්දේශ කර ඇත.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, බැංකුවේ සක්‍රීය නොවන ණය අනුපාතයේ සාමාන්‍ය අගය ඉක්මවා, ශාඛා 10ක පමණ ඉහළ සක්‍රීය නොවන ණය අනුපාතයක් වාර්තා කර තිබීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවු බවයි.