බැංකු ණය සම්බන්ධයෙන් හදිසියේම සිදුවූ වෙනස මෙන්න..

Central Bank of Sri Lanka Sri Lanka Politician Government Of Sri Lanka Sri Lanka Bankrupt Economy of Sri Lanka
By Aruna Jul 29, 2023 11:58 PM GMT
Report

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවදුරටත් පදනම් අංක 58 කින් සියයට 17.18 දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, වාණිජ බැංකුවල AWPR පසුගිය සතියේ සියයට 17.76ක් වූ අතර වසරකට පෙර එය සියයට 24.94ක් තරම් ඉහළ අගයක් විය.

මුදල් මණ්ඩලය අඛණ්ඩව මාස දෙකක් තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීම හේතුවෙන් මෙම අඩු කිරීම සිදු වී තිබෙනවා.

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩු නොකිරීමට මහ බැංකුව තීරණය කළත් ඉදිරි මාස කිහිපය තුළ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ යනු ඇති බව විශේෂඥයන්ගේ මතයයි.