මෙරට ප්‍රධානතම බැංකුවකින් කෝටි 15 කට අධික මුදලක් කොල්ලකයි..!

Sri Lanka money fraud Hatton National bank Colombo jail
By Sewvandhi Mar 21, 2022 02:01 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් හිමියන් හැත්තෑ හය දෙනකුගේ ගිණුම්වලින් රුපියල් කෝටි 15ට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව එම බැංකුවේ සේවය කළ කළමනාකරුවකු සහ ඔහුත් සමඟ මෙම වංචාවට හවුල් වූ සංවිධානාත්මක මූල්‍ය අපරාධ කරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන ශාඛාවේ ප්‍රාදේශීය කළමනාකරුවකු ලෙස සේවය කළ නීල් ක්‍රිස්ටෝපර් සොයිසා හා සංවිධානාත්මක මූල්‍ය අපරාධකරුවෙකු වන තිකරත්නම් රවිචන්ද්‍රන් හෙවත් "සෙල්ටෙල් රවී" යන දෙදෙනායි.

මේ දෙදෙනා එක් ව හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන ගිණුම් හිමි ව්‍යාපාරිකයින් තිදෙනකුගේ මුදල්ද වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව මෙතෙක් කරන ලද විමර්ශනවල දී හෙළි වී තිබෙනවා.

මෙලෙස මාස හයකට ආසන්න කාලයක් අදාල කළමනාකරු සහ සෙල්ටෙල් රවී යන දෙදෙනා එක් ව වරින් වර ගිණුම් හිමියන් ගේ මුදල් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවයි මෙතෙක් කරන ලද හරි පරීක්ෂණ අනුව හෙළි වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් මේ පුද්ගලයින් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ලබන 31 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now