බැංකු පොලී අනුපාතය සහ ණය සම්බන්ධයෙන් දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka Sri Lanka Cabinet Government Of Sri Lanka
By Aruna Aug 06, 2023 12:36 AM GMT
Report

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය බරිත ප්‍රධාන ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 22 කින් සියයට 16.96 දක්වා අඩු වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව, වාණිජ බැංකුවල AWPR පසුගිය සතියේ සියයට 17.18ක් වූ අතර වසරකට පෙර එය සියයට 23.78ක් තරම් ඉහළ අගයක් විය.

මුදල් මණ්ඩලය අඛණ්ඩව මාස දෙකක් තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමෙන් පසුව සැලකිය යුතු අඩුවීමක් සිදුවී ඇත.

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩු නොකිරීමට මහ බැංකුව තීරණය කළත් ඉදිරි මාස කිහිපය තුළ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ යනු ඇති බව විශේෂඥයන්ගේ මතයයි.