රාජ්‍ය බැංකු වලින් දුන් ණය කපා හැරීමට තීරණයක්...ජනතාවට සුබ ආරංචියක්.!!(VIDEO)

The Bank of Ceylon Mahinda Amaraweera Sri Lanka
By Aruna Jul 05, 2022 10:59 PM GMT
Report

හෙක්ටයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම්වල වී වගාව සඳහා රාජ්‍ය බැංකු මගින් ලබා ගෙන ඇති මෙතෙක් නොගෙවූ මූලික ණය කපා හැරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඉන්දිීය ණය ආධාර යටතේ ලැබෙන යූරියා පොහොර රැගත් නෞකාව ලබන 9 වැනිදා මෙරටට ළඟාවීමට නියමිත බවයි.

කෙසේ වෙතත් අදත් අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර ඇතුලු ප්‍රදේශ කිහිපයක ගොවීන් වගාවන්ට අවශ්‍ය පොහොර සහ ඉන්ධන නොමැති බව පවසමින් විරෝධතා වල නිරත වුණා.

අම්පාර ප්‍රදේශයේ ගොවීන්ද වගාවන් සිදුකිරීමට අවශ්‍ය යන්ත්‍ර ක්‍රියාකරවීමට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

ඒ අනුව එම ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලංගම ඩිපෝ මගින් නිකුත් කරවීමටයි දිස්ත්‍රික් ලේකම් වරයා පියවර ගත්තේ.

හුරුලු වැව ප්‍රදේශයේ ගොවි ජනතාව අද පැවති මාධ්‍ය හමුවකට රජ ඇඳුම් වලින් සැරසී පැමිණ සිටියේ පවතින පොහොර සහ ඉන්ධන අර්බුදයට විරෝධය පල කරමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now