ඔබේ බැංකු ගිණුමේ මුදල් කොපමණ තිබෙනවාද..? එකවර ආ මුදල් නිසා බැංකු ගිණුම් දෙකක් හදිසියේ තහනම් කරයි..
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බවට අනාවරණය වූ පෞද්ගලික බැංකු දෙකක පවත්වාගෙන ගිය ගිණුම් තහනම් කර ඇත.
ගුණරත්න සුජිත් සිල්වා නොහොත් "හික්කඩුවේ ඉස්සෝ සුජි" නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකුගේ ගිණුම් දෙකක් මෙලෙස අත්හිටුවා ඇත. එම කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ අදාළ ගිණුම්වල රුපියල් කෝටි 05කට අධික මුදලක් තැන්පත් කර තිබූ බවය.
2021 අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 4ක් වැනි ඉතා කෙටි කාලයකදී එම මුදල් ගිණුම් ගත ව ඇති බවයි, විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ. පොලීසිය පැවසුවේ අදාළ ගිණුම්, මත්ද්‍රව්‍ය චෝදනාවකට මේ වන විට ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට අයත් බවට හඳුනාගෙන ඇති බවය.
අදාල තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ, 2021 අගෝස්තු 03වනදා සිදුකළ වැටලීමකදී හොරයින් ගෑම්12යි මිලිගෑම් 350ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8ක් සමග අත්අඩංගුවට ගත් පානදුර ප්‍රදේශයේ පදිංචි එම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.
එම සැකකරු "හික්කඩුවේ ඉස්සෝ සුජි" නමැත්තා ගේ මුදල් භාරකරු ලෙස කටයුතු කර ඇති අතර ඔහුගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම ද සිදුකර ඇති බව පොලීසිය පවසයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසන්නේ අනතුරුව ඒ සම්බන්ධයෙන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ගිණුම් දෙකේ හිමිකාරීත්වය දරණ සැකකරු මම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග ලබාගත් බවය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |