බංග්ලාදේශය ගිනිගනී - මේ වනවිට හය දෙනෙකු ජීවිතක්ෂයට..!
                                    
                    Bangladesh
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    විදෙස් මාධ්‍ය පවසන්නේ, බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භකර ඇති විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රට තුළ ගැටුම්කාරී වාතාවරණයක් ඇති වී තිබෙන බවයි.
පොලීසිය විසින් විරෝධතාකරුවන් පාලනය සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති අතර එසේම කටකතා පැතිරීම වැලැක්වීම සඳහා ජංගම දුරකථන සඳහා අන්තරජාල පහසුකම් අත්හිටුවීමට ද පියවෙර ගෙන තිබුණි.
නිදහස් සටන සඳහා එක්වූ පවුල්වල දරුවන් සඳහා රැකියාවලින් 30%ක් වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත්කර ගන්නා ලෙස ඉල්ලමින් සිසු විරෝධතා පැවැත්වෙයි.
ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ දක්වා 6 දෙනෙක් මියගොස් විශාල ගණනක් තුවාල ලබා තිබේ.