අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට - ඒ අනුව නව මිල ගණන් මෙන්න..
වෙළෙඳපොලේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් මේ වන විට පහත වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් සදහන් කළේ ය.
ඊයේ (17) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡා කළ අතර එහි දී වෙළෙඳපොලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු වී ඇති බව වෙළෙඳ අමාත්‍යවරයා පැවසූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහි දී ප්‍රකාශ කළේ ය.
ඒ අනුව පරිප්පු කිලෝවක මිල රුපියල් 685 සිට රුපියල් 398 දක්වාත්, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 220 සිට රුපියල් 165 දක්වාත්, සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 210 සිට 160 දක්වාත්, සීනි කිලෝවක මිල රුපියල් 375 සිට රුපියල් 275 දක්වා ද, තිරිඟු කිලෝග්‍රෑමයක මිල රුපියල් 395 සිට රුපියල් 275 දක්වාද පහත වැටී ඇති බව වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.
කෙසේ වෙතත් කිරිපිටි මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |