අමුද්‍රව්‍ය දෙකයි රස අතුරුපසයි.
By Wayomi
වැඩි වියදමක් නැතිව ඕන වෙලාවක රස බලන්න පුළුවන් අතුරුපසක් හදාගන්න විදිහ ගැනයි මේ කියන්න යන්නේ. වැඩි වැඩ කෑලි ඕන නැහැ. උපරිම මේකට ඕන අමුද්‍ර 3ක් හෝ 2ක්. (Banana Chocolate Fudge)
අවශ්‍ය ද්‍රව්‍ය
🧇 කෙසෙල් ගෙඩි 3-4
🧇 මෙල්ට් කරගත් චොක්ලට් කෝප්ප 1
🧇 කැමති නම් සීනි ටිකක් එකතු කරගන්න.
සාදාගන්න ආකාරය
🧇 කෙසෙල් ටික කෑලි කපලා හොඳින් පොඩි කරගන්න.
🧇 දැන් මේකට මෙල්ටඩ් චොක්ලට් ටික දාලා කලවම් කරගන්න.
🧇 සීනි එකතු කරනවා නම් ටිකක් එකතු කරගන්න. මොකද මිශ්‍රණය ගල් වෙන්න පුළුවන් කන්න බැරි වෙන් තරමටම.
🧇 ග්ලාස් ට්‍රේ එකකට බටර් ගාලා මේ මිශ්‍රණය දාලා ලෙවල් කරලා ෆ්‍රිජ් එකට දාන්න.
🧇 පැය 3-4කින් එළියට අරන් කෑලි කපාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |