ජාත්‍යන්තරයට ගිය කෙහෙල් මල් කුඩු.

Banana Sri Lanka Healthy Food Recipes
By Wayomi May 30, 2022 04:03 AM GMT
Report

මේ මොන කෙහෙල් මලක් ද කියලා කිවුවට මොකද, කෙහෙල් මලෙන් කුඩු හදන්න පුළුවන් කියලා දැනන් හිටියේ නැහැ නේද? හැබැයි මේ කුඩුකාරයෝ ගහන කුඩු එහෙමත් නැත්නම් හෙරොයින් නම් නෙවෙයි. dehydrate product එකක් හැටියට international market එකේ මේ කෙසෙල් මල් කුඩු ( banana blossom කුඩු) ගන්න තියෙනවා. මේවා කිලෝ එකක් $ 30 ඉඳන් විවිධ මිල ගණන් යටතේ ගන්න පුළුවන්. ඔන්න කරනවා නම් හොඳ business එකක්. ඒ වගේම මේවා ඉන්දියාවේ ආහාර නිෂ්පාදනයේ දී යොදා ගන්නා ප්‍රබල අමුද්‍රවයක් බවට ද පත්වෙලා තියෙනවා.

කෙසෙල් මල් කුඩු වල ගුණ

- කිරි දෙන මව්වරුන්ට ගුණයි

- ඔසප් රුධිර වහනය අඩු කිරීම

- ආසාදන වැලැක්වීම

- දියවැඩියාව සහ රක්තහීනතාවය පාලනය කිරීම

- මානසික පීඩාවන් සුව කිරීමට

- මනෝභාවය වැඩි කරන අතර කාංසාව අඩු කිරීම

- ඒ වගේම .විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත්. 


කෙසෙල් මලේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ

- කැලරි - 51

- ප්‍රෝටීන - 1.6g

- මේදය - 0.6g

- කාබෝහයිඩ්‍රේට් - 9.9g

- කෙඳි - 5.7fg

- කැල්සියම් - 56mg

- පොස්පරස් - 73.3mg

- යකඩ - 56.4mg

- තඹ - 13mg

- පොටෑසියම් - 553.3 mg 


Gallery