ප්‍රභල සොරකමක සැකකරුවන් පැය 24 ක් තුළ අත්අඩංගුවට ගත් ප්‍රභල මෙහෙයුම...
බම්බලපිටිය කොතලාවල කෝටිපති මැණික් මැණික් ව්‍යාපාරිකයකු ගේ නිවසට ඇතුළු වී රූපවාහිනී යන්ත්‍රයක් සහ වටිනා ජංගම දුරකථනයක් සොරාගත් පුද්ගලයන් දෙදෙනෙක් පැය විසිහතරක් යාමට මත්තෙන් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය පවසනවා.
නිවසියන් නින්දේ සිටිය දී මෙම සොරකම සිදුකර ඇති අතර යතුරු පැදියකින් පැමිණ තිබූ සැකකරුවන් දෙදෙනාගෙන් අයෙකු අඩක් වසා තිබූ නිවසේ ඉදිරිපස දොරින් ඇතුළු වී දෙවන මහලේ තිබූ ජංගම දුරකථනය සහ පලවන මහලේ තිබූ රූපවාහිනි යන්ත්‍රය සොරාගෙන තිබුනා.
සැකකරුවන් සොරකම සිදුකර යතුරුපැදියේ නැගී පිටව යන අයුරු සීසීටිවී කැමරාවක සටහන්ව තිබීමෙන් අනතුරුව ඒ ඔස්සේ සිදුකළ පරික්ෂාවේදී සැකකරුවන් දෙදෙනා මාබෝලේ සහ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනව.
සැකකරුවන් දෙදෙනා ගෙන් ප්‍රශ්න කිරීමේ දී සොරාගත් රූපවාහිනී යන්ත්‍රය ග්‍රෑන්පාස් ප්‍රදේශයට රුපියල් 8000 උකස්කර මත්කුඩු පානය කර තිබියදී සොයා ගත් බවත් ජංගම දුරකථනය ඔහුන් සන්තකයේ තිබී සොයා ගත් බවත් බම්බලපිටිය පොලිසිය පවසනවා.
බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මකයි.