අඩු කළ පාන් වෙළඳපොලේ තිබේ ද?. පාරිභෝගිකයින්ගෙන් චෝදනා..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jun 21, 2023 07:56 AM GMT
krishani

krishani

in ආහාර
Report

ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට තීරණය කළේ ය.

නමුත් පාරිභෝගික ජනතාව චෝදනා කරන්නේ, එම අඩුකළ මිල ගණන්වලට අද දිනයේ දී ද ඇතැම් ප්‍රදේශවල බේකරි නිෂ්පාදන මිලට ගැනීමට නොහැකි බවයි.

නමුත්, දිවයිනේ ඇතැම් ප්‍රදේශවල බේකරි හිමියන් අද සිට අඩු කළ මිල ගණන්වලට නිෂ්පාදන අලෙවිකර තිබිණ.

මේ අතර, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල ප්‍රකාශ කළේ, අඩුකළ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අලෙවිසැලේ ප්‍රදර්ශනය කර තිබීම අනිවාර්ය බවත් එසේ නොකරන අලෙවිසැල්වලට අද සිට නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් ය.