හෙට අනිද්දා පාන් වලට වෙනදේ මෙන්න..

Business Mobile Sri Lanka Businessman
By Aruna Jul 08, 2022 02:23 AM GMT
Report

තව දවස් දෙකකින් හෝ තුනකින් බේකරි කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා.

ඊයේ (ජූලි 7) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, මේ වන විට 50%ක් බේකරි සම්පූර්ණයෙන් ම වසා දමා ඇති බවයි.

බේකරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන කිසිදු දෙයක් මේ වන විට ලබා ගැනීමට හැකියාවක් නොමැති බව ද ඔහු සඳහන් කළා.

“මේ ඉන්ධන ප්‍රශ්නය ගැන මාසයකට පමණ කාලයක ඉඳලා අගමැතිතුමා, විදුලිබල ඇමතිතුමා, වෙළෙඳ ඇමතිතුමා ඇතුළු සියලු ම දෙනා දැනුවත් කරලා අවසානයි.

නමුත් කිසිම ප්‍රතිඵලයක් අද වෙනතුරුත් නැහැ. මං හිතන්නේ බේකරි කර්මාන්තය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක්.

ඒවාවලට ඉන්ධන ලබා දෙනවා කියලා කියන අද වෙන කොට බේකරි සඳහා ඉන්ධන ලබා දීමට කිසිම වැඩපිළිවෙළක් කිසිම කෙනෙක් සකස් කරලා නැහැ.

සම්පූර්ණයෙන්ම බේකරි හිමියා අසරණ වෙලා අනාථ වෙලා.”

ආණ්ඩුව සහ අදාළ ඇමතිවරු මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලීමක් කරන බව ජයවර්ධන මහතා ඉල්ලා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now