ප්‍රදේශයක් කළඹමින් හමුවූ භයානක අඹු සැමි සිරුරු..
Sri Lanka Police
Hatton
By Sithumini
මේ පුවත වාර්තා වන්නේ බගවන්තලාවෙන්.
බලවන්තලාව පොලීසිය විසින් බගවන්තලාව තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, සින්නයියා විජේකුමාර් නැමති 39 හැවිරිදි පුද්ගලයෙක් සහ පෙරුමාල් ගෞරි නැමති 37 හැවිරිදි අඹුසැමි යුවළක් බවයි වැඩිදුරටත් සදහන් කළේ.
පසුගිය 14 වනදා සිට තම සහෝදරයා සහ ඔහුගේ බිරිඳ දැකීමට නොසිටි බවත්, ඒ අනුව නිවස විවෘත කර බැලීමේ දී ඔවුන් ඇද මත මියගොස් සිටි බවත් විජේකුමාර්ගේ සොහොයුරා පොලීසියට පවසා තිබුණා.
කෙසේ හෝ වස බෝතලයක්ද පොලීසියට එහි තිබී හමුව ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය කාන්තාව මීට ප්‍රථම විවාහ වී සිට ඇති කාන්තාවක් වනවා. ඇයට අවුරුදු 14ක දියණියක් සිටින බවයි පොලිසිය පැවසුවේ.