ගසක් නිසා ප්‍රධාන දුම්රියක් අද පරක්කුයි.. දුම්රිය පාලක මැදිරියෙන් දැනුම්දීමක්..
                                    
                    Badulla
                
                                                
                    Sri Lanka
                
                                                
                    Train Crowd
                
                                                
                    Department of Railways
                
                                                
                    Railways
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    උඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර පෙන්රෝස් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (23) උදෑසන කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසා ඇත .
මේ හේතුනේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බවත්, දුම්රිය මාර්ගයට වැටී ඇති ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා දුම්රිය සේවකයන් කටයුතු කරමින් සිටින බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ .
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    