වසා දැමුණු බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය භාවිතයට අවසර ලැබෙන්නේ මේ අයට පමණයි.

Sri Lanka Police Badulla
By Wayomi Dec 11, 2023 07:00 AM GMT
Report

බර වාහන සඳහා වසා දැමුණු බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කිරීමට අද (11) වාහන කිහිපයකට පමණක් අවසර ලබාදුන්නා.

ඒ, අනුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ, බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ පාසල් බස් රථ සහ මගී ප්‍රවාහන බස් රථ ධාවනයට අවසර ලබාදුන් බවයි.

නමුත් පොලිසිය කියා සිටියේ, එම මාර්ගයේ ධාවනය වන බර වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කළ හැකි බවයි.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල - කොළඹ මාර්ගයේ කොටසක් බර වාහන ධාවනය සඳහා වසා දැමීමටයි පොලීසිය ඊයේ තීරණය කළා.