සාර්ථකත්වය වළක්වාලන අයහපත් පුරුදු.
හැමෝගෙම අරමුණ සාර්ථක වීම. ඒ වෙනුවෙන් නිතරම වෙහෙසෙනවා, කැපවීම කරනවා. නමුත් සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මං මෙච්චර මහන්සි වෙනවා, මෙච්චර කරනවා ඒත් කිසිම දියුණුවක් නැහැනේ කියලා. ඇත්තටම ඒකට ඔබ හිතාමතාම හෝ නොදැනුවත්කම නිසාවෙන් කරන ඇතැම් වැරදි හේතු වෙන්න පුළුවන්.ඉතින් අද මේ කියන්න යන්නේ සාර්ථකත්වය වළක්වාලන අයහපත් පුරුදු කිහිපයක් ගැනයි.
01) තමාව විවේචනය කිරීම
🟢 දැනුවත්ව හෝ නොදැනුවත්ව බොහෝ පුද්ගලයින් කරන ප්‍රධානතම වැරැද්දක් ලෙස තමාව විවේචනය කර ගැනීම.
🟢 අතෙහි සෑම ඇගිල්ලක්ම එක සමාන වෙන්නේ නැහැ වගේ තමයි ඔබට තියෙන හැකියාවන් ද විවිධාකාරයි.
🟢 අවශ්‍ය වන්නේ ඔබට ඇති හැකියාවන් වර්ධනය කරගැනීම සහ අලුත් දේවල් ඉගෙන ගැනීම මිස අඩුපාඩු ,නොහැකියාවන් පිළිබඳව තමාව විවේචනය කිරීම නෙවෙයි. ඔබට ලද හැකියාව ගැන නිතරම ආඩම්බර වෙන්න.
02) කෙටිකාලීන සුවය
🟢 විවේකය අපි සියල්ලටම අත්‍යාවශ්‍ය දෙයක්.
🟢 වැඩ කිරීම තුළින් අධික ලෙස වෙහෙස වන ඔබ විවේකයක් සොයනවා වෙන්න පුළුවන්.
🟢 නමුත් අනවශ්‍ය ලෙස විවේක ගැනීමෙන් වළකින්න. දැන් කරන්න තියෙන වැඩේ දැන් කරන්න. ඒවා පස්සට කල් දාලා විවේක ගැනීම ඔබේ අසර්තකත්වයට තදින්ම බලපානවා.
03) අනවශ්‍ය කාර්යබහුලත්වය
🟢 අනවශ්‍ය කාර්යබහුලත්වය සහ ඵලදායි කාර්යබහුලත්වය යනු දෙකක්.
🟢 සමහරු කරන්නේ අනවශ්‍ය ලෙස කාර්යබහුලවීමයි.නමුත් අවසානයේ ඉන් ඔවුන් ලැබූ දෙයක් ඇත්තේ ද නැහැ.
🟢 ඒ නිසා අනවශ්‍ය කාර්යබහුලත්වයට වඩා ඔබ කළ යුත්තේ ඵලදායි ලෙස කාර්යබහුලවීමයි.ක්‍රමවත්ව ,ඵලදායි ලෙස කටයුතු කිරීමයි.
04) සමාන අදහස් දරන්නන්
🟢 ඔබ සමඟ සිටින්නේ ඔබ සිතන ආකාරයටම සිතිවිලි සහිත යහළුවන්, සගයන් නම් එය එතරම් හොඳ දෙයක් නෙවෙයි.සෘණාත්මක ආකල්ප සහිත පුද්ගලයන් ඈත් කරලම දාන්න.
🟢 ඔබ සමීපයේ විවිධ සිතිවිලි සහිත ,විවිධ අදහස් ,විවිධ වූ දැනුම සහිත පිරිස් සිටීම නිරායාසයෙන්ම සාර්ථක ගමනක් යාමට උපකාරී වෙනවා.
05) බොරු මවාපෑම්
🟢 මුදල් ,යානවාහන ,නිවාස ,ඇඳුම් පැළඳුම් යනාදි සියල්ලෙන්ම මිනිසුන් අපේක්ෂා කරන්නේ හුදෙක් අනෙකාට පෙනෙන ලෙස මවාගෙන ජීවත්වීමකි.
🟢 ඔබත් එවැනි අයෙක් නම් ඔබ බලාපොරොත්තු වන සාර්ථකත්වය වෙත යන්න එච්චර ලේසි නැහැ .
🟢 මොකද ව්‍යාජ බව තුළ සාර්ථකත්වයක් ගැබ්ව නැහැ.වැදගත් වන්නේ ඔබ ඔබම වීමයි.ලෝකය ඉදිරියේ ඔබ ඔබ ලෙසම හුස්ම ගැනීමයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |