බැකෝ සමන්ගේ මවට වෙඩි ප්‍රහාරයක්

Sri Lanka Police Gun Shooting Latest Headlines Sinhala news Kehelbaddara Padme
By R.rishma Aug 12, 2026 01:27 PM GMT
Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘බැකෝ සමන්’ නමැත්තාගේ මවට අද (12) පස්වරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇය මේ වනවිට රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මේ අතර, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න නොහොත් ‘බැකෝ සමන්’ ද එම පිරිස අතර සිටි බව සඳහන් වේ.