ප්ලේන්ටි, කොත්තු හා කෑම පාර්සලයේ සිට ආහාරපාන වල මිල අද සිට ඉහළ යන හැටි

Sri Lanka Economic Crisis Sri Lanka Litro Gas Price
By Sewvandhi Apr 27, 2022 09:16 AM GMT
Report

ආපනශාලා හිමිකරුවන්ට තම ආහාරපාන වල මිල තිරණය කිරිමට අවස්ථාව ලබාදුන් බව ආපනශාලා හිමිකරුවන්ගේ අසේල සම්පත් මහතා ප්‍රකාශ කරනවා.

ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ආහාර පාන සඳහා මිල ගණන් තම සංගමයට තීරණයක් ගැනිමට නොහැකි නිසා එම මිල ගණන් ඔවුන්ටම තිරණය කිරීමට අවස්ථාව දුන් බවයි ඔහු පැවසුවේ.

මේ අනුව ප්ලේන්ටි, කොත්තු හා කෑම පාර්සලයේ සිට සියලුම දෑ වල මිල ඉහළ යනු ඇති බව ඔහු ප්‍රකාශ කළා. ගෑස් අර්බුදය හේතුවෙන් මේ වන විට ලක්ෂ 05කට අධික පිරිසකට රැකියා අහිමි වි ඇති බවත්, හෝටල් සියයට 50ක් පමණ වැසී ඇති බවත් ඔහු සඳහන් කළා.

ගෑස් මිල ඉහළ දැමීමට සමගාමීව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ඇතුළු සියලු දෙනා තම දීමනා වලින් සියයට 75ක් ඉවත් කර ගැනීමට කටයුුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now