පූර්ණ ලෙස සංරක්ෂණය වී ඇති මැමත් පැටවෙකුගේ සිරුරක් රන් පතල්කරුවෙක් සොයාගනී. ( PHOTOS)
පෘතුවියේ විසූ 'මැමත්' නම්වූ අවසන් සද්දන්ත හස්ති විශේෂය කාලයේ කාලයත් සමඟ මෙලොවින් තුරන් ව ගොස් වසර පන්දහසක් පමණ වන බවයි පර්යේෂකයෝ පවසන්නේ. මෙම සත්ව විශේෂයට බීමට ජලය නොමැති කමින් විනාශ වී යන්නට ඇති බවයි උතුරු අමෙරිකාවේ විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. අයිස් යුගය අවසාන වීමත් සමඟ පෘථිවිය උණුසුම් වී මුහුදු ජල මට්ටම ඉහළ යාමෙන් බීමට ජලය ඇති බිම් ප්‍රමාණය සීමිත වීම විසා ඔවුන් වඳ වූ බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. කෙසේ වෙතත් පසුගිය දවසක පූර්ණ ලෙස සංරක්ෂණය වී ඇති මැමත් පැටවෙකුගේ සිරුරක් සොයාගත් පුවතක් වාර්තා වුණා. ඒ කැනඩාවෙන්.
🐘 කැනඩාවේ රන් පතල්කරුවෙකු විසින් යිස්ටොසීන යුගයේදී පෘථිවිය මත ජීවත්ව සිටිමින් මිය ගිය කුඩා ගැහැණු මැමත් පැටවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
🐘පසුව ඒ පිළිබඳව පුරාවිද්‍යාඥයන්, පාෂාණ විද්‍යාඥයන් ඇතුළු අඳාළ පර්යේෂණ කණ්ඩායම් මේ සම්න්ධයෙන් අධ්‍යන කරනු ලැබුවා.
🐘 එහිදී ඔවුන් කළ කාල නිර්ණයන්ට අනුව මෙම සිරුර මීට වසර 30,000 කට පමණ පෙර කාලයට අයත් වන බවට සනාථ කර තිබෙනවා.
🐘 අඩි 4.5ක් දිගින් යුතු සිරුර පිළිබඳව සිදු කර ඇති පර්යේෂණ අණුව පිටත ශරීරයේ පවතින ලෝම, නියපොතු හොඳින් සංරක්ෂණය වී ඇති අයුරින්ම කුස තුළ බඩවැල් පවා ඇති බවත්, එම බඩවැල් තුළ මැමත් පැටවා අවසාන වතාවට ආහාරය ගත් තණකොළ සහ වෙනත් ශාකමය කොටස්ද හොඳින් සංරක්ෂණය වී පවතින බවත් සොයා ගැනුණා.
🐘 ලොම් මැමත් (Woolly Mammoths) ලෙස හඳුන්වන මෙම විශේෂය උතුරු යුරෝපයේ, ආසියාවේ සහ උතුරු ඇමරිකාවේ අයිස් සහිත ආක්ටික් කලාප වල වාසය කර ඇති අතර, මීට වසර 5000 කට පමණ පෙර පෘථිවිය මතින් සහමුලින්ම වඳ වී ගොස් ඇති බව සඳහන්.
🐘 මෙම මැමත් පැටවා මිය යාමට හේතුව ලෙස පර්යේෂණ කණ්ඩායම සඳහන් කර ඇත්තේ, තම මව සමඟ ගමන් කරන අතර තුර, මවට නොපෙනෙන ලෙස පියවර කිහිපයක් ඉදිරියට යාමෙන් පසු එරෙන සුළු මඩ වලක ගිලී යාමෙන් මිය යන්නට ඇති බවයි. එමෙන්ම ඇය මිය යන විට වයස දින 30ත් 35ත් අතර වන්නට ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.
🐘 ඒ අනුව සිරුර පිළිබඳව තව දුරටත් අදහස් දක්වන පර්යේෂණ කණ්ඩායම පවසන්නේ, ලොව මෙතෙක් සොයාගෙන ඇති මැමත් සිරුර අතරින් විස්මිත ලෙස සංරක්ෂණය වූ මෙවැන් මැමත් සිරුරක් ඉදිරිපිට සිටීමට ලැබීමත්, සිරුර පිළිබඳව පර්යේෂණ කිරීමට ලැබීමත් තමන් කණ්ඩායම ලැබූ ඉමහත් භාග්‍යයක් බවයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |