සංගීත රටාවන් අතික්‍රමණය කළ සුපිරි තරුවක් මිය යයි..

Indian Cinema Music Babli lahiri
By Aruna Feb 16, 2022 04:01 AM GMT
Report

හින්දි සිනමාවේ disco music රජා ලෙස සැලකෙන සංගීතඥ බප්පි ලහි‍රි ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

70 80 දශකයේ ඉන්දීය චිත්‍රපට සිනමාව නව මාවතකට ගෙන ආ මෙම සංගීතඥයා සංගීත අධ්‍යක්ෂණය කළ disco dancer චිත්‍රපටය එවකට හින්දි සිනමාවේ එතෙක් පැවති සාම්ප්‍රදායික සංගීත රටාව අතික්‍රමණය කළ අත්හදා බැලීමක් ලෙසයි සැලකුනේ.

නව සංගීත රටාවන් හින්දි සිනමාවට මුසු කිරීමේ පුරෝගාමියකු ලෙස සැලකෙන බප්පි ලහි‍රිගේ නව ආරක සංගීතය හේතුවෙන්ම ඩිස්කෝ ඩාන්සර් චිත්‍රපටය වාර්තා පිට වාර්තා තබමින් තිරගත වුණා.

disco dancer චිත්‍රපටයට අමතරව චල්තේ චල්තේ සරාභි ආදී චිත්‍රපට ද ඔහුගේ අතිශයින් ජනප්‍රිය වූ චිත්‍රපටියි.

බප්පි ලහි‍රි අවසාන වශයෙන් සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ, 2020 වසරේ තිරගත වූ භාගී චිත්‍රපටයේ යි.

මෙම ශ්‍රේෂ්ඨ සංගීතඥයා මිය යන විට හැටනව හැවිරිදි වියේ පසු වූ අතර ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now