"..මාත් එක්ක දිගටම මේ වැඩේ කරන් ගියොත් ඔයාගේ කොල්ලත් දිගටම ටීම් එකේ ඉඳියි.." සුපිරි ක්‍රිකට් තරුවකට ලිංගික චෝදනා

Pakistan national cricket team Babar Azam
By Sewvandhi Jan 20, 2023 03:48 PM GMT
Report

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ බාබර් අසාම් තවත් ක්‍රීඩකයෙකුගේ පෙම්වතිය සමඟ ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවට වන පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ට්විටර් හි හුවමාරු වන මෙම ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය අනුව කියැවෙන්නෙ, බාබර් අසාම් පාකිස්ථානු පිලේ ක්‍රීඩකයෙකුගේ පෙම්වතියක් සිය දැලට හසුකරගෙන ඇති බවයි.

"මාත් එක්ක දිගටම මේ වැඩේ කරන් ගියොත් ඔයාගේ කොල්ලාත් දිගටම ටීම් එකේ ඉඳියි.." යනුවෙනුත් ඔහු ඇයට තර්ජනය කරමින් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

බාබර් අසාම්ගේ සංවාද කිහිපයක් ද අන්තර්ජාලයට එක් වී ඇති නමුත් අසාම්ට හිතවත් පාර්ශ්ව සඳහන් කරන්නෙ මෙය සම්පූර්ණයෙන් ව්‍යාජ ව නිර්මාණය කරන ලද ප්‍රවෘත්තියක් බවයි.

බාබර් අසාම්ගේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා මෙය සැළසුම්සහගතව සිදු කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. නමුත් දැන් සියලු දෙනාගේ ප්‍රශ්නය වන්නෙ අසාම් සංසර්ගයේ යෙදුණා යැයි කියන කාන්තාවගේ ආදරවන්ත 'ක්‍රිකට් ක්‍රීඩකයා' කවුද යන්නයි.

ආසාම් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති අතර, ඔහු අවසන් වරට පළ කරන ලද ඡායාරූපයේ Doesn't take too much to be happy යනුවෙන් සටහන් කොට තිබුණා.(උපුටාගැනීමක්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
 Join Now