කව්ද මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සුරතලිය" බබා" ඒන්ජල් "දෙදෙනාම අත්අඩංගුවට ගත් මෙහෙයුම මෙන්න....

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By Sithumi Jan 22, 2024 12:04 AM GMT
Report

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කොලොන්නාවේ චන්දන නොහොත් ධනුෂ්ක නමැත්තන්ගේ මුදල් පරිපාලකවරිය ලෙස කටයුතු කළ "බබා "නැමැත්තිය සහ මත්ද්‍රව්‍ය බෙදා හරින්නියක් වන " එන්ජල්" නමැත්තිය රාජගිරියේ දේවස්ථානයක් අසලදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකාරියන් දෙදෙනා සන්තකයේ තිබී මිලිගෑම් 1500 බැගින් අඩංගු ගංජා පැකට් 321 ක් පොලිස් භාරයට ගෙන ඇති අතට ඉකුත් දෙසැම්බර් 12 වැනි දින කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කාය වර්ධන උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව කියන සිංහපුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් අංගොඩ ප්‍රදේශයේ දි කොටා නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ චන්දන නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

චන්දන සහ ධනුෂ්ක නමැත්තන් ඩුබායි රාජ්‍යයේ සිට විවිධ පුද්ගලයන් ලවා කොලොන්නාව ප්‍රදේශය කේන්ද්‍රස්ථානය කර ගනිමින් හොරයින් ,අයිස් සහ ගංජා ජාවාරම මෙහෙයවන බවත් වෙඩි ප්‍රහාරයට ලක්වීමට ගිය කාය වර්ධන උපදේශක වරයා ඇතුළු පවුලේ අය ඔවුන්ගේ ගෝල බාලයන්ගෙන් මත්ද්‍රව්‍ය ලබා නොගෙන සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ මත්ද්‍රව්‍ය ‍ලබා ගැනීම විරසකයට හේතු වී ඇති බවත් ඒ හේතුවෙන් වෙඩි ප්‍රහාරයට ලක්වීමට ගිය පුද්ගලයාගේ සහෝදරියට ද එරට සිට චන්දන නමැත්තා දුරකථන ඇමතුම් මගින් එම දිනවල මරණීය තර්ජනය කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

කව්ද මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සුරතලිය" බබා" ඒන්ජල් "දෙදෙනාම අත්අඩංගුවට ගත් මෙහෙයුම මෙන්න.... | Baba Angel Arrested Case